Cricket NewsEXCLUSIVEIPL

“Jos Buttler එල්ල කළ පහර හතරේ සිමාව අසලදී Venkatesh Iyer නවතනවා, නමුත් Buttler සහ Padikkal එම ලකුණු 4ම දිව ගොස් ලබා ගන්නවා”

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 30වන තරගය ලෙස Rajasthan Royals සහ Kolkata Knight Riders කණ්ඩායම අතර පැවති තරඟය මේ වන විතර පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 217ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එමෙන්ම Rajasthan Royals ඉනිමේ දෙවන පන්දුවාරයේ අවසන් පන්දුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිතරම දක්නට නොලැබෙන දුර්ලබ සිදු වීමක් සිදු වුවා.

Umesh Yadav විසින් යොමු කල Rajasthan Royals ඉනිමේ දෙවන පන්දුවාරයේ අවසන් පන්දුවට Jos Buttler එල්ල කල පහර හතරේ සිමාව ආසන්නයේදී නැවත්වීමට Venkatesh Iyer සමත් වුනා. කෙසේ නමුත් එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි Jos Buttler සහ Devdutt Padikkal එම ලකුණු 4ම දිව ගොස් ලබා ගැනීමට සමත් වුනා.

එහිදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ සිය දෙවන ශතකය රැස් කරමින් පන්දු 61ක් ලකුණු 103ක් රැස් කිරීමට Jos Buttler සමත් වුනා. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුලත් වුනා.

දිවගොස් ලකුණු 4ක් ලබා ගත එම සුවිශේෂී අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button