Cricket NewsEXCLUSIVE

“මට අනුවනම් Slower ball එක හොඳින්ම හඳුනාගෙන පහර දෙන්නෙ දසුන් ශානක” – Harshal Patel ප්‍රසිද්ද මාධ්‍ය සාකජ්ජාවකදී කියයි.!

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීගය අතර තුර ප්‍රේක්ෂක විනෝදාස්වාදය උදෙසා විවිධ කෙටි වීඩියෝ පට තම නිල සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ එලිදැක්වීම සෑම කණ්ඩායමක්ම පාහේ සිදු කරමින් සිටියි.

ඒ අතරතුර ලොක ප්‍රසිද්ද ක්‍රිකට් මාධ්‍ය ජාලයක් වන ESPNcricinfo ඔස්සේ පැවැති සාකච්ඡාවකට මීට දින කිහිපයකට ඉහතදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක,පසුගිය වසරේ වැඩිම කඩුලු ලාභියා වූ හර්ශල් පටෙල් එක් වුනා.

එහිදී ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන්නට හර්ශල් එක් වුනා. හර්ශල්ට එහිදී යොමුවූ තෙවන පැනය වූයේ තමන් දුටු පිතිකරුවන් අතුරින් තමාගේ වේගය අඩාල කල පන්දු හොඳින් තෝරාගනිමින් පහර දුන් පිතිකරුවා කවුරුන්ද යන පැනයයි.

එයට පිළිතුරු දෙමින් හර්ශල් පටෙල් කියා සිටියේ වේගය අඩාල කරන පන්දු හොඳින්ම හඳුනාගෙන පහර දෙන පිතිකරුවා ඔහුට අනුව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් හි නායක දසුන් ශානක බවයි.

අවසන් වරට පැවැති ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියේදී දසුන් මේ බව මනාව පෙන්නුම් කිරීමට සමත් වුනා.පසුගිය වසරේදී හර්ශල් ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ වැඩිම කඩුලු ලාභියා විමට භාවිතා කලේ මෙම උපක්‍රමය ය.කෙසේ නමුත් දසුන් ශානක හර්ශල් ට එරෙහිව සාර්ථකව විශාල පහරවල් කරා යෑමට ගත්තේ සුළු ආයාසයක් පමණි.

එමෙන්ම මෙම වැඩසටහනේදී හර්ශල් පටෙල් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වන සනත් ජයසුරිය සහ විශිෂ්ට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ගැනත් විශේෂ සඳහන් කිරීම් සිදු කරනු ලැබුවා.

එම වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button