Cricket NewsEXCLUSIVEWoman Cricket

පිරිමි කණ්ඩායමට සේම තරඟ ජයග්‍රහණයන් අනුව මුදල් ගෙවන ක්‍රමයක් කාන්තා කණ්ඩායමටත් හඳුන්වා දෙයි – තරඟ ගාස්තුත් ඉහළට – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශිෂ්ට තීරණයක්.!

2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් එක්දින සහ විස්සයි-20 යන අංශයන්හි මෙතෙක් ක්‍රීඩිකාවන්ට ලබාදෙනු ලබන ඩොලර් 250 ක මුදල වෙනුවට එය ඩොලර් 750 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ජනවාරි මස 31 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමදී මෙම තීරණය ගෙන තිබේ. එහිදී ක්‍රීඩා කරන 11 දෙනාට අමතරව කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවන්ටද තරග ගාස්තුවෙන් 25% ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙන අත ද්වීපාර්ශ්වික තරගාවලියක් හෝ ලෝක කුසලාන වැනි තරගාවලියක තරගයක් ජයග්‍රහණය කළ හොත් සෑම ක්‍රීඩිකාවකටම ඇමරිකනු ඩොලර් 250 බැගින් ප්‍රසාද දීමනාවක් පිරිනැමීමට එනම් ජයග්‍රහණය සඳහා වැඩි මුදල් ත්‍යාග ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කරමින් ක්‍රීඩිකාවන්ව තව තවත් සවිබල ගැන්වීමේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලබන උත්සාහයේ කොටසක් ලෙසින් මෙම දීමනා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මෙම සියලු ගෙවීම් 2023 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7