Cricket NewsEXCLUSIVEWoman Cricket

2023 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ වාර්තා වූ එකම ශතක සබඳතාවය සිය නම ඉදිරියේ ලියාගනිමින් බංගලාදේශය සතුව තිබු තරඟ ජයග්‍රහණය උදුරාගත් හර්ශිතා සහ නිලක්ශි.!

මෙවර කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ඊයෙ ලැබූ පෙරළිකාර ජයග්‍රහණයත් සමඟ Group A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ ක්‍රිඩා කළ තරග ද්විත්වයම ජයග්‍රහණය කරමිනි.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාව සමග තරගය සහ නවසීලන්තය සමඟ තරඟය යන තරඟ ද්විත්වයෙන් එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට නිසැකවම අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට හැකියාව ලැබේ.

ඊයෙ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලැබූ තරඟයේ ජයග්‍රහණය නොවන්නට ඉදිරියේදී පැවැත්වෙන තරඟ සියල්ලම ජයග්‍රහණය කිරීමේ බර ශ්‍රී ලංකාව මත ඇද වැටීම නැවතා ලකුණු 33 කට මුල් පෙළ කඩු තුනක් බිඳවැටී අස්ථාවර තත්වයකට පත් වූ ශ්‍රී ලංකා ඉණිමට ශක්තිමත් අත්තිවාරමක් දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හර්ශිතා සහ නිලක්ශි දෙදෙනා සමත් වූයේ නොබිඳුනු විශිෂ්ට ශතක සබඳතාවක් සමගිනි.

එහිදී පන්දු 50 කට මුහුණදුන් ආරම්භක පිතිකාරිණී හර්ෂිතා හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග සිය තෙවැනි විස්සයි-20 අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 59ක් වාර්තා කල අතර පන්දු 38 කදී වාර්තා වූ නිලක්ෂිගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් ලකුණු 41ක් ඇතුළත් වුනා.

එමෙන්ම 2023 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වාර්තා වූ එකම ශතක සබඳතාව වන්නේද වන්නේ ද හර්ශිතා සහ නිලක්ෂි එක්ව පැවැත්වූ එම විශිෂ්ට සබඳතාවයයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button