Cricket NewsEXCLUSIVEIPL

RCBට එරෙහිව Kagiso Rabada සුපිරි පන්දු යැවීමක් දියත් කරයි – තරඟ 11කට මුහුණ දී කඩුලු 21ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනි තැනට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.

මේ අතර තරගාවලියේ 60වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 54ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය තුල තව දුරටත් බලපොරොත්තු රඳවා ගැනීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායක FAF ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 219ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 155ක් පමණයි

මේ අතර Punjab Kings වෙනුවෙන් මෙම තරඟයේත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Kagiso Rabada සිය පන්දුවාර 4තුල ලකුණු 21ක් පමණක් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා. මේ වන විට මෙවර IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර ද Kagiso Rabada තෙවන ස්ථානයේ පසුවන අතර එම සටහනේ ප්‍රථම ස්ථානයේ පසු වන්නේ ස්ටි ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගයි.

කෙසේ නමුත් මෙහිදී විශේෂත්වය වන්නේ එම කඩුලු 21 ලබා ගැනීම සඳහා Kagiso Rabada වැය කර ඇත්තේ තරඟ 11ක් පමණක් වීම නිසයි.

Kagiso Rabada ඊයේ දිනයේදී යොමු කල එම විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න

වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7