Cricket NewsEXCLUSIVEIPLLegends Story

Mumbai Indians පිතිකරුවෙකු IPL ඉතිහාසයේ වාර්ථා කල වේගවත්ම ශතකයට හිමිකම් කියූ සනත් ජයසූරියගේ IPL ගිනිකෙළි සැණකෙළියට අදට වසර 14 ක්.!

මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණය මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයින්ට අමරණීය මතකයක් එක් කර අදට වසර 14 කි.

චෙන්නායි පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවා වන සනත් ජයසුරියගේ අනුකම්පා විරහිත ප්‍රහාරය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් එදා මෙදා තුර වාර්ථා කල වටිනාම ඉනිමය.

තරඟාවලියේ 36 වැනි තරඟය වූ එම තරඟයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 157 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කරන්නට, එම කාලවකවානුව වන විට ආසියාවේ සිටි විශිෂ්ඨතම ආරම්භක පිතිකරුවන් දෙදෙනාට පැවරුණි.

සචින් සමඟින් සනත් ගේ වමත් දකුණත් ආරම්භක පිතිකරණ සුසංයෝගය ලකුණු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 7.2 කදී ලකුණු 82 ක් එක් කලේය.

සචින් ලකුණු 12 කට ක්‍රීඩාගාරයේ අසුනක අසුන් ගද්දී සනත් අනෙක් අන්තයේ අර්ධ ශතකයක් රැස් කරගෙන සිටියේය.සචින්ගේ දැවීයාම සනත්ගේ ඉනිමට මඳක හෝ පීඩනයක් එක කල බවක් නම් පෙන්නට නොතිබිණි.

ඇල්බි මෝකල් , මන්ප්‍රීට් සිං ගෝනි මෙන්ම මුත්තයියා මුරලිදරන්ගෙන්ද සමන්විත වූ චෙන්නායි පන්දු යැවීමේ බලඇණියට එරෙහිව දිගින් දිගටම පන්න පන්නා පහර දුන් සනත් සීමිත පන්දුවාර තරඟ රටාවේ හැරවුම් ලක්ෂය තමා බව පුන පුනා තම පිත්තෙන් කීවේය.

සනත්ගේ ශතකය පන්දු 45 කින් වාර්ථා වූ අතර සනත් එම ඉනිමේ එල්ල කල 10 වැනි හයේ පහරින් ඔහු ශතකය සම්පූර්ණය කලේය.

චාමර කපුගෙදර විසින් යොමු කල ඉනිමේ 13වැනි පන්දුවාරයේ පළමු පන්දු 3ටම හයේ පහර තුනක් එල්ල කල ඔහු දෙවැනි පන්දුවේද ශතකයද , සිව්වැනි හා පස්වැනි පන්දු ද්විත්වයටම හතරේ පහර දෙකක් එල්ලකරමින් තරඟය ජයග්‍රහණය කරා සනත් ගෙන ගියේය.

පන්දු 37 ක් ඉතිරිව තිබියදීය.තරඟය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 158 ක් ලෙසින් දිස්වූ මුම්බායි ලකුණු පුවරුවෙන් 72% ක් පිරවූ සනත්ගේ නම ඉදිරියෙහි නොදැවුණු ලකුණු 114 ක් ලෙසින් සඳහන් ව තිබුණි. හයේ පහර 11 ක් හතරේ පහර 9 කින් අලංකාර වූ එම ඉනිමේ ප්‍රහාරක වේගය 237 ක් ලෙස ගණන් බලා තිබුණි.

තරඟයේ වීරයා ලෙසින් සනත් ජයසූරිය සම්මාන දිනාගත් අතර එදා මෙදා තුර IPL ඉතිහාසයේ මුම්බායි පිතිකරුවෙකු ඉනිමක රැස් කල වැඩිම 6 පහර සංඛ්‍යාව ගැබ් වූයේ සනත්ගේ එම ඉනිම තුල වීම විශේෂත්වයකි.

2013 වසරේදී ක්‍රිස් ගේල් IPL හි වේගවත්ම ශතකය වාර්ථා කරන තුරු වසර පහක් සනත්ගේ ශතකය IPL ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්ථාවට හිමිකම් කීවේය.

එම තරඟයේ Highlights පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7