Cricket NewsEXCLUSIVEWoman Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ⁣කණ්ඩාමෙන් ඉල්ලා අස්වී විදේශ ගතවීමට සූදානම් වෙයි.!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ නම්දැරූ සුපිරි පිතිකාරිණියක් වන චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවට විශ්වාසදායි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටින බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

වැඩිදුරටත් ඔවුන් සඳහන් කර තිබෙන්නේ චමරි අතපත්තු පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් පසුව විදේශගත වීමට නියමිත බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් Group එක වෙතට චාමරි අතපත්තු මේ බව නිල වශයෙන් දැනුම් දී තිබෙන බවත් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් පසු ගිය මාස 18ක කාලය පුරාවට චමරි අතපත්තු නායකත්වය දරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික තරග නොලැබුණු අතර ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් නම ලිය වීමට තිබූ චාමරි අතපත්තු ගේ නාමය එසේ නොවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අඩු වැඩි වශයෙන් වගකිව යුතු ව තිබේ.

කෙසේ නමුත් චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් ඉවත්ව ගිය හොත් ඇයව ලබාගැනීමට ක්‍රිකට් ලෝකයේ වැජබෙන බොහෝ කාන්තා කණ්ඩායම් දැඩි උනන්දුවක් දක්වනු ඇති බවනම් නොරහසකි.

මේ පිළිබඳව ලංකාදීප පුවත්පත පල කල ලිපිය කියවීම සඳහා Click කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button