Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමින් කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් රැස් කළ ද්විත්ව ශතක හේතුවෙන් නවසීලන්තය තරඟයේ ග්‍රහණය සියතට ගනී.!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරඟාවලියේ දෙවන දිනය වූයේ අදයි.

පළමු දිනය අවසන් වන විට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 155 ක් රැස් කරගෙන සිටි නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු හිටපු නායක කේන් විලියම්සන් හා හෙන්රි නිකොල්ස් අතර ගොඩනැගුනු ලකුණු 363 ක සබඳතාවය හේතුවෙන් දෙවන දිනයේ අවසන් සැසිය වන විට කඩුලු හතරක් දැවී ලකුණු 580ක් රැස් කරගෙන සිටියේය.

සිට ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි ද්විතව ශතකය වාර්ථා කල කේන් විලියම්සන් ලකුණු 215 ක් රැස් කරගෙන සිටියදී දැවී ගිය අතර විලියම්සන්ගේ ඉනිම හතරේ පහර 23 කින් හා හයේ පහර 2 කින් වර්ණවත් විය.

නවසීලන්ත ඉනිමේ අගභාගයේදී වේගවත් පිතිකරණයක නියැලුණු හෙන්රි නිකොල්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ නවවැනි ශතකය වාර්ථා කිරීමට සමත් වූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසුව රැස් කල ප්‍රථම ශතකයද වන්නේ මෙයයි.හතරේ පහර 15 ක් හා හයේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 200 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත කඩුලු දෙකක් බිඳහෙළූ අතර ප්‍රභාත් ජයසූරිය හා දනංජයද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.සිය පළමු ඉනිම සඳහා ලකුණු 580 ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට නවසීලන්තය තීරණය කල අතර ඒ දිනය අවසන් වීම සඳහා පන්දුවාර 17 ක් ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ඕශධ ප්‍රනාන්දු සමඟින් දිමුත් කරුණාරත්න ආරම්භ කල අතර පළමු කඩුල්ල ලෙසින් ලකුණු 6 ක් රැස් කරගෙන සිටි ඕශධ ප්‍රනාන්දු දැවී ගිය අතර යලිත් සුපුරුදු රිද්මයට පැමිණි කුසල් මෙන්ඩිස් තම ක්‍රිකට් දිවියේ 29 වැනි වරටත් ලකුණු නොලබා දැවී ගියේ ඩෞග් බ්‍රේස්වෙල්ගේ පන්දුවක් හමුවේ ඩෙවෝන් කොන්වේ රැකගත් විශිෂ්ඨ උඩපන්දුවක් හමුවේ ය.

දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට සැඳෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 ක් හා නායක දිමුත් කරුණාරත්න ලකුණු 16 ක් රැස් කරගෙන සිටින විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් රැස් කරගෙන සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button