Cricket NewsEXCLUSIVESchool Cricket

ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති 144 වෙනි නිල් මහා සටනෙ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලයට.!

ශාන්ත තෝමස් විද්‍යාලය හා කොලඹ රාජකීය විද්‍යාලය අතර 144 වන නිල් මහ සටන පසුගිය 16 වන දින ආරම්භ වූ අතර අද තරගයෙ අවසන් දිනය වූවා. තරගය අවසන් වූයෙ 2016ට පසු ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලය දිනා ගැනීමෙන් පසුවයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජකීයන් පලමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා ගනු ලැබුවා. එහිදී Dasis Manchanayake ලකුණු 137ක් හා Ramiru Perera ලකුණු 128ක් ලබා ගත්තා.

ශාන්ත තෝමස් විද්‍යාලය පලම් ඉනිමට ලබා ගත්තෙ සියලු දෙනා දැවී ලකුණු 153ක් පමණයි. රාජකීයන් වෙනුවෙන් Bulan weerathunga කඩුලු 3ක් දවා ගත්තා.

දෙවෙනි ඉනිම ක්‍රීඩා කල රාජකීයන් කඩුලු 4කට ලකුණු 164ක් ලබාගෙන ඉනිම අත් හිටුවා ශාන්ත තෝමස් විද්‍යාලයට පන්දුවට පහර දීමට අවස්ථාව දුන් අතර ශාන්ත තෝමස් විද්‍යාලය සියලු දෙනා දැවි ලබා ගත්තෙ 161 ක් පමණයි .

ඒ සමගම කොළඹ රාජකීය විද්‍යාලය 144 වන නිල් මහ සටන ජයගත් අතර ඔවුන් නිල් මහ සටන ජය ගත්තෙ 2016 න් පසුව වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
4
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7