Cricket NewsEXCLUSIVE

නම්දැරූ ඉන්දීය පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මාධ්‍ය තුලින් වසා දමයි ! ඉන්දීය පිතිකරණ අර්බුධය විසඳන්නට සෆ්‍රාස් ඛාන්ට කැඳවීම් !

ඉකුත් දා හයිද්‍රාබාද් හිදී එංගලන්තය හමුවේ ලද අවමන් සහගත පරාජයෙන් පසු නැවත පෙරලා පැමිණීමක් සත්කාරක ඉන්දීය කණ්ඩායමට අවශ්‍යව තිබේ.

විරාට් කෝලි පෞද්ගලික හේතුවක් නිසාවෙන් තරඟාවලියේ පලමු තරඟ දෙක ක්‍රීඩාකිරීමෙන් වැලැකීසිටීම තරඟාවලිය ඇරඹීමටත් පෙර ඉන්දියාවට එල්ල කලේ විශාල පහරක්.

අත්දැකීම් අතින් එතරම් ප්‍රභල නොවන පිතිකරණ බළඇණියක් තුල රිද්මය අතින් ගත්කල පවා එතරම් හොඳින් ලකුණු අතරට පිවිසෙන්නට අපොහොසත් වූ ක්‍රීඩකයින් සිටීමද ඉන්දීය කණ්ඩායමට ඉතිරි කලේ අනවශ්‍ය හිසරදයක්.

දත්තමය වශයෙන් ගත් කල ශුබ්මන් ගිල්,ශ්‍රෙයාස් අයියර් දෙදෙනාම සිටින්නේ ලකුණු ඉඩෝරයකයි.නම්දැරූ පිතිකරුවන් වූ නමුත් ඔවුන් දෙදෙනාට වඩා අවසන් ටෙස්ට් ඉනිම් 10 තුලදී වැඩි ලකුණු සංඛ්‍යාවක් නේතන් ලයන් පවා රැස්කර තිබෙනවා.

කෙසේ නමුත් අබාධයක් හේතුවෙන් ලෝකේශ් රාහුල් දෙවැනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන්නේ නැහැ.පළමු තරඟයේදී ඉන්දීය ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූයේ ඔහුයි.ඔහුගෙන් හිස්වූ පිතිකරණ භූමිකාවට සෆ්‍රාස් ඛාන් කැඳවා තිබෙන්නේ මාධ්‍ය තුල පවා විශාල කතිකාවතක් නිර්මාණය කරමින්.

වර්ථමානය තුල ඉන්දීය පළමුපෙල පිටිය සතු සාර්ථකම පිතිකරුවා වන්නේ ද ඔහුයි.අවසන් වසර තුන තුලදී ඉන්දීය ප්‍රධානතම ප්‍රාන්ත තරඟාවලි තුල ඔහු රඳවාගන්නා සාමාන්‍ය සියය ඉක්මවා තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button