EXCLUSIVEInternational

වසර 9 කට පසුව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මුල් 5 දෙනා අතරට ලාංකිකයින් දෙදෙනෙක් !

ඉකුත් සතියේදී ජගත් විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය.අද යාවත්කාලීන කෙරුණු අයිසීසී විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි තැන දක්වා ඉදිරියට පැමිණෙන්නට මහීෂ් තීක්ෂණ සමත් වී තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් සැම්පා පසු කරයමින් මහීෂ් පස්වැනි තැන දක්වා ඉදිරියට එන්නට සමත්ව තිබෙන අතර මෙය ඔහු විස්සයි විස්ස පිටියේ ලබාගත් ඉහලම ශ්‍රේණිගත කිරීමද වනවා ලකුණු 680 ක් ලබාගනිමින් මහීෂ් පස්වැනි තැන රැඳී සිටිද්දී ඔහුට ඉදිරියෙන් ටබ්‍රේස් ශම්සි,වනිඳු හසරංග,රෂීඩ් ඛාන් හා ජොශ් හෙස්ල්වුඩ් රැඳී සිටියි.

මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙකු විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 5 ට පැමිණ තිබුණේ 2013 වසරේදීය.

එසේ එම දස්කම මීට පෙරදී දක්වන්නට සමත් වූයේ නුවන් කුසලසේකර හා අජන්ත මෙන්ඩිස් විසිනි.ඔවුන් දෙදෙනා 2013 වසරේ මාර්තු මාසයේදී මෙසේ ශ්‍රේණිගත කිරීම්හි මුල් පස් දෙනා අතරට පැමිණීමට සමත් විය. එහිදී අජන්ත මෙන්ඩිස් තෙවැනි ස්ථානයද නුවන් කුලසේකර සිව්වැනි ස්ථානයද ශ්‍රේණිගත කිරීම්හි ලබාගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7