Cricket NewsEXCLUSIVELPL

දඹුල්ල කණ්ඩායම පරාජය කරමින් “ජැෆ්නා රජවරු” LPL තරඟාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!

ශ්‍රී ලාංකේය වහ ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත් වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ හතරවන තරඟය ලෙස Dambulla Giants කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වූයේ මෙවර තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණයද වාර්තා කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ දඹුල්ල නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර කෙසේ නමුත් ඔහුගේ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු දඹුලු පිතිකරුවෙක් අද හැකියාව ලැබුනේ නැහැ.
දඹුල්ල කණ්ඩායම පන්දුවාර 19 කුත් පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් හැකිවූයේ ලකුණු 110ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 23ක් රැස් කල අතර චාමික කරුණාරත්න ලකුණු 18යි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.වනිදු හසරංග ලකුණු 16කට කඩුලු 3ක් බිද හෙලූ අතර, සුරංග ලක්මාල් කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුනා.

ලකුණු 111ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ජැෆ්නා කිංස්ග් කණ්ඩායම පන්දුවාර 12.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර යාමට සමත්වුනා.

මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27කින් ලකුණු 33ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහරක් ඇතුලත්.

රහ්මනුල්ලාහ් ගුර්බාස් රැස් කළේ ලකුණු 3ක් පමණයි. ටොම් කොහ්ලර් කැඩ්මෝර් පන්දු 30කින් නොදැවී ලකුණු 45ක් ලබා ගත් අතර, ෂොයිබ් මලික් පන්දු 10කින් ලකුණු 26ක් නොදැවී රැස් කිරීමට සමත්වුනා. මලික්ගේ ඉනිමට හයේ පහර 3ක් ඇතුළත් වූ අතර, කැඩ්මෝර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී ඉම්රාන් තහීර් හා නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ අනූව මෙවර තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button