Cricket NewsEXCLUSIVELPL

පිට පිටම දෙවන පරාජයත් නුවරට උරුම කරමින් ප්‍රභල “ගෝල් ග්ලැඩියේටර්ස්” අවසන් පන්දු වාරයේ සිය ජයග්‍රහණය තහවුරු කරගනී.!

ශ්‍රී ලාංකේය වහ ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත් වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ 5වන තරඟය ලෙස Galle Gladiators කණ්ඩායම සහ Kandy Warriors කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් අවසන් පන්දුවාරයේ වාර්තා කිරීමට Galle Gladiators කණ්ඩායම සමත් වූයේ මෙවර තරගාවලියේ සිය ප්‍රසාද ලකුණු සටහනේද ප්‍රථම ස්ථානයට පත් වෙමිනි.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Kandy Warriors කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස් කිරීමට සමත් වුනා.

කැන්ඩි ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම කෙනාර් ලුවිස් ලකුණු නොලබා දැවී ගියා. චරිත් අසලංක ලකුණු 6කට දැවී ගියා.අනතුරුව අහ්මඩ් ෂෙසාඩ් හා කමිදු මෙන්ඩිස් 3 වැනි කඩුල්ල සදහා ලකුණු 83(57)ක සබදතාවයක් ගොඩ නැගුවා.

ෂෙසාඩ් පන්දු 51කින් ලකුණු 56ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වූ අතර කමිදු ලකුණු 32(25)යි. ඔහුගේ දැවී යාමෙන් පසුව කැන්ඩි වොරියර්ස් ඉනිම මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුවේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට සියල්ලන් දැවී යාමේ පෙරනිමිති පෙන්වමිනි.

නායක ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 10කට දැවී ගිය අතර, රොව්මන් පවෙල් අද රැස් කළේ එක් ලකුණක් පමණයි.තිලකරත්න සම්පත් පන්දු 9කින් නොදැවී ලකුණු 19ක් ද, ඉෂාන් ජයරත්න නොදැවී ලකුණු 9ක් ද ලබා ගනිමින් කැන්ඩි වොරියර්ස් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුනා.

පන්දු යැවීමේ දී සමිත් පටෙල් ලකුණු 13කට කඩුලු 3ක් බිද හෙලුවා. ධනංජය ලක්ෂාන් ලකුණු 11කට කඩුලු ගණන 2ක් බිද හෙලූ වා.

ඒ අනුව ලකුණු 144ල ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි \ ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට සමත් වුනා.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ධනුෂ්ක ගුණතිලක සමත් වුණේ පන්දු 33කින් ලකුණු 45ක් රැස් කරමින්. හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.කුසල් මෙන්ඩිස් පන්දු 21කින් ලබා ගත්තේ ලකුණු 16ක් පමණයි.

මොහොමඩ් හෆීස් ලකුණු 13කටත්, බෙන් ඩන්ක් ලකුණු 3කටත් දැවී ගියා. සමිත් පටෙල් ලකුණු 4යි.නායක භානුක රාජපක්ෂ පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගනිමින් ගාලු ඉනිම ශක්තිමත් කළා.

ළහිරු මදුෂංක පන්දු 13කින් නොදැවී ලකුණු 22ක් හා ධනංජය ලක්ෂාන් පන්දු 4කින් නොදැවී ලකුණු 10ක් ලබා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී සචිදු කොළඹගේ ලකුණු 20කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුනා.

මෙතෙක් ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජය ගෙන ඇති ගාලු කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර කැන්ඩි වොරියර්ස් කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කර ඇති තරග දෙකම පරාජයට පත්ව ඇති බැවින් ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button