Cricket NewsEXCLUSIVELPLMatch Review

මහීෂ් තීක්ශනගේ අභිරහස් පන්දුව හමුවේ “කොළඹ තරු” නිවී යයි – Jaffna Kings ප්‍රසාද ලකුණු සටහනේ අංක #01ට.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැදින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ 09 වන තරඟය ලෙස Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතර පැවැත්වූ තරඟයෙන් ලකුණු 93ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට Jaffna kings කණ්ඩායම සමත්වුණා.

අද තරඟයට වර්ශාවෙන් බාධා එල්ල වීම නිසා එක් කණ්ඩායමකට ලැබෙන පන්දුවාර ගනන 18ක් බවට පත් කිරීමට තරඟ සංවිධායකයන් තීරණය කලා.

කෙසේ නමුත් අද තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ Colombo Stars කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Jaffna Kings ක්‍රීඩකයින්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Jaffna kings ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 207ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

නායක තිසර පෙරේරා පන්දු 23කින් වේගවත් ලකුණු 57 ක් රැස් කළ අතර ෂොයිබ් මලික් ලකුණු 44 ක් රැස් කළා.

Tom Kohler ලකුණු 40ක් රැස් කළ අතර අශේන් බණ්ඩාරද ලකුණු 42 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3ක් බිඳ හෙලූවා.

ඒ අනුව පන්දුවාර 18 ක් තුල ලකුණු 208ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් Colombo Stars ක්‍රීඩකයන්ට යොමුවුණා.

එම ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි Colombo Stars පිතිකරුවන්ට පන්දුවාර 15කුත් පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 114ක් පමණයි.

ආරම්භයේ පටන්ම Colombo Stars ඉනිම පාලනය කිරීමේ කාර්යය Jaffna Kings පන්දු යවන්නන් තිතටම සිදු කළා.

Colombo Stars වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන් ලකුණු 35ක් සහ දිනේශ් චන්දිමාල් ලකුණු 28ක් රැස් කල අතර පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ශන ද කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Wahab Riaz කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙළුවා.

ඒ අනූව තරඟයේ ජයග්‍රහණය Jaffna Kings කණ්ඩායමට හිමි වූනා.

මෙම ජයග්‍රහණය සමගින් ප්‍රසාද ලකුණු සටහනේද ප්‍රථම ස්ථානයට පැමිණීමට Jaffna Kings සමත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button