Cricket NewsEXCLUSIVELPL

තිසර පෙරේරාගේ සුපිරි පිතිහරඹය LPL ගිනිකෙළි සැණකෙළියක් කරයි – අදත් පන්දු 23කින් අධිවේගී ලකුණු 57ක්.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැදින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ 09 වන තරඟය ලෙස Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

අද තරඟයට වර්ශාවෙන් බාධා එල්ල වීම නිසා එක් කණ්ඩායමකට ලැබෙන පන්දුවාර ගනන 18ක් බවට පත් කිරීමට තරඟ සංවිධායකයන් තීරණය කලා.

අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 18 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 207 ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී දැඩි අවධානයකට ලක් වූ Jaffna Kings නායක, සුපිරි පිතිකරු තිසර පෙරේරාගේ සුපිරි ඉනිම අධිවේගී ලකුණු 57 කින් වර්ණවත් වුණා.

ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 23ක් පමණයි.

ඔහුගේ මෙම වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සහ හතරේ පහරවල් 3ක් ඇතුළත් වූ අතර ප්‍රහාරාත්මක වේගය දැක්වූයේ 247.82ක් ලෙසයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 200 කඩඉම පසුකරන ලද ප්‍රථම කණ්ඩායම බවට පත්වීමට Jaffna Kings කණ්ඩායම තිසරගේ මෙම සුපිරි ප්‍රහාරයත් සමග හැකියාව ලැබුනා.

එමෙන්ම මීට පෙර Kandy Warriors කණ්ඩායම සමග පැවති තරඟයේදිද අධිවේගි ඉණිමක් දියත් කල තිසර පෙරේරා එහිදීත් පන්දු 21ක් තුල ලකුණු 53ක් රැස් කිරීමට සමත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7