EXCLUSIVEIPLPremier League

කොල්කටා නයිට් රයිඩර්ස් බලාපොරොත්තු විනාශ කරදමමින් රාජස්තානය ප්ලේ ඕෆ් වටය අසලටම-වේගවත්ම අයිපීඑල් අර්ධ ශතකය ජයිස්වාල්ගේ නමට !

මෙවර අයිපීඑල් තරඟාවලියේ 56 වැනි තරඟය ඊයේ කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී පැවැත්වුණු අතර එහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟවැදුණි.ප්ලේ ඕෆ්ස් වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගන්නේ කුමන කණ්ඩායමද යන්න තීරණය වීම සඳහා දෙපිලටම තීරණාත්මක වූ තරඟයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් නායක සංජු සැම්සන්ගේ තීරණය කලේ මුලින්ම පන්දු රැකීමටයි.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් රැස් කල අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් වෙන්කටේශ් අයියර් ලකුණු 57 ක් රැස් කලේය.කොල්කටා බලාපොරොත්තු බිඳ දැමීම අරඹමින් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු දෙකක් බිඳ හෙලද්දී වාර්ථා පොත් අලුත් කල යුස්වේන්ද්‍ර චාහල්ගේ කඩුලු මල්ලට එක්වූ කඩුලු ගණන 4 ක්.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් ක්‍රීඩකයින් පන්දුවාර 13 කුත් පන්දු එකක් අවාසනයේදී එක් කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියේය.වාර්ථාගත විශිෂ්ඨ ඉනිමක් දියත් කල යොවුන් ක්‍රීඩක යසස්වි ජයිස්වාල් පන්දු 13 කින් අර්ධ ශතකය වාර්ථා කල අතර අයිපීඑල් ඉතිහාසයේ වේගව්ත්ම අර්ධ ශතකයේ හිමිකරුවා වන්නටද ඔහුට හැකිවිය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජයිස්වාල් පන්දු 47 කදී නොදැවී ලකුණු 98 ක් රැස් කල අතර නායක සැම්සන් නොදැවී ලකුණු 48 ක් රැස් කලේය.

ඒ අනුව කොල්කටා කණ්ඩායමේ ප්ලේ ඕෆ්ස් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අපේක්ෂා බිඳ දැමූ රාජස්ථාන් ක්‍රීඩකයින් ප්ලේ ඕෆ්ස් වටයේ සිය බලාපොරොත්තු තවදුරටත් රඳවා ගන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැන්නා බවට පත් වෙමින්.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල යසස්වි ජයිස්වාල් තරඟයේ වීරයා ඇතුලු දිනයේ පිරිණමන සම්මාන පහකම හිමිකරුවා වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7