EXCLUSIVEMatch ReviewWoman Cricket

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ බංග්ලාදේශය දණ නමයි ! තරඟ 2-1 ක් ලෙසින් තරඟාවලි ජය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමත් සමඟින් පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තෙවන හා අවසන් තරඟය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් රැස් කරගනිමින්.

නායක චමරි අතපත්තු ලකුණු 32 ක් රැස් කරන්නට සමත් වූ අතර ලකුණු 56 ක් තුල කඩුලු 3 ක් බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරන්නට හර්ශිතා මාධවී හා නිලක්ෂි ද සිල්වා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟුනු නොබිඳුණු ශතක සබඳතාවයට හැකි විය.පන්දු 39 කදී හයේ පහර හතරක් හා හතරේ පහර හතරක් සමඟින් නොදැවී ලකුණු 64 ක් රැස් කරන්නට නිලක්ෂිද සිල්වා සමත් වුණු අතර හර්ශිතා මාධවී නොදැවී ලකුණු 52 ක් රැස් කල අතර ඇයගෙ ඉනිම හතරේ පහර හයකින් වර්ණවත් විය.පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් ෆාතිමා කාතුන්,‍රොබේයා කාතුන් හා නහිදා අක්තර් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 114 ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nigar Sultan ලකුණු 31 ක් රැස් කරන්නට සමත් විය.පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උදේශිකා ප්‍රබෝදනී,ඉනෝකා රණවීර,කාව්‍යා කාවින්දි අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟාවලිය ලකුණු 44 කින් ජයගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.එමෙන්ම තරඟාවලියද තරඟ 2-1 ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර එක්දින හා විස්සයි විස්ස තරඟාවලීන් දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button