Cricket NewsEXCLUSIVE

“ධනංජය එක්දින හො විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩා කරනවානම් ඔහු ක්‍රීඩා කරන්නෙ මුල් ස්ථාන තුනේ පමණයි.” නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග !

2024 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙනු ලබන පළමු අභියෝගය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලියයි.

කෙසේ නමුත් එම තරඟාවලිය සඳහා නම් කල එක්දින සංචිතයට ධනංජය ද සිල්වා නම්කොට නැහැ.

මේ පිළිබඳව අදහස් දක්වමින් වත්මන් තේරීම් කමිටු සභාපති වරයා කියා සිටින්නේ මෙවන් දෙයක්…

” අපි කිසිම වෙලාවක ධනංජයව එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන්න තීරණයක් අරගෙන නැහැ .මම පුද්ගලිකවම හොදින් දන්නවා ධනංජයට මුල් ස්ථාන තුනේ පිතිකරණයේ යෙදුණොත් දිගු ඉනිම් ක්‍රීඩා කරන්න පුලුවන්. නමුත් අවාසනාවට ඔහු පහුගිය කාලෙම ක්‍රීඩා කළේ නොම්මර 6,7 ස්ථාන වල. ඒකෙන් ඔහුටවත්,කණ්ඩායමටත් හොදක් වෙන්නෙ නැහැ.

අපි තීරණයක් අරන් තියෙනවා ධනංජය එක්දින හො විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩා කරනවානම් ඔහු ක්‍රීඩා කරන්නෙ මුල් ස්ථාන තුනේ පමණයි. මම ඒක ඔහුට පෞද්ගලිකවත් කතා කරලා කිව්වා. ඉදිරියේ දී NSL තරගාවලිය වගේම ක්ලබ් තරගාවලි එනවා. අපි ඒ තරගාවලි වලදිත් ඔහුට පිතිකරන ලැයිස්තුවේ මුල් ස්ථාන තුන ක්‍රීඩා කරන්න දෙන්න කියලා දැනුම් දීලා තියෙනවා. ඉතින් ඔහුට නැවත වරක් එක්දින කණ්ඩායමට එන්න අවස්තාව තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
12
+1
4
+1
7
+1
2
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button