Cricket NewsEXCLUSIVEInternational

ඇමරිකා අයර්ලන්ත එක්දින තරගාවලිය හදිසියේම අවලංගු කරයි.!

මේ වන විට ඇමරිකාවේ පවතින නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇමෙරිකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙමින් තිබු එක්දින ජාත්‍යන්තර තරඟාවලිය අවලංගු කිරීමට දෙරටේම ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

කණ්ඩායම් දෙකෙහිම සියලුම ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ කරන PCR පරීක්ෂණ මත Negative වී තිබෙන නමුත් අයර්ලන්ත සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු හා ක්‍රීඩකයින්ගේ පවුල් වල කිහිප දෙනෙකුද කොවිඩ් ආසාදනය වී ඇති අතර අයර්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ආශ්‍රීතයින් ලෙස හදුනාගෙන ඇති බැවින් මෙම තීරණය ගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එක්දින තරඟාවලියට පෙර අමෙරිකානු ක්‍රීඩකයන් හා තරඟාවලිය සඳහා සහභාගී වන තරඟ විනිසුරුවන් කොවිඩ් අසාදිතයන්ට නිරාවරණය වී ඇති බවද හඳුනාගෙන තිබෙනවා.

තවදුරටත් කොවිඩ් පැතිර යාමේ අවදානම සැලකිල්ල ගනිමින් ඉතිරිව ඇති එක්දින තරඟ දෙක අවලංගු කිරීමට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල ඒ අනුව එකඟ වී තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරඟාවලිය සඳහා දෙසැම්බර් 31 වන දින ජැමෙයිකාවේ කිංග්ස්ටන් වෙත ඇමෙරිකාවේ ෆ්ලොරිඩාව හරහා පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදනය වු අයර්ලන්ත කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ෆ්ලොරිඩාවේදි නිරෝධායන වෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7