Cricket NewsEXCLUSIVEIPLMatch Review

Mumbai Indians කණ්ඩායමට පිට පිටම තෙවන පරාජයත් උරුම කරමින් Kolkata Knight Ridersට කඩුලු 5ක විශිෂ්ට ජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 14වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා.

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Suryakumar Yadav පන්දු 36කදී ලකුණු 52ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 6ක් ඇතුලත් වුනා.

Tilak Varma ලකුණු 38ක් රැස් කළ අතර Dewald Brevis ලකුණු 29ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Pat Cummins කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 162ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riderse පිතිකරුවන් පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 162ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Pat Cummins පන්දු 15ක් තුල වෙගවත් ලකුණු 56ක් රැස් කල අතර Venkatesh Iyer ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේදී Murugan Ashwin සහ Tymal Mills කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button