Cricket NewsEXCLUSIVEIPLMatch Review

Delhi Capitals කණ්ඩායමේ සුපිරි දස්කම් හමුවේ Kolkata Knight Riders කණ්ඩායමට ලකුණු 44ක පරාජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 19වන තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 44ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Rider ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Delhi Capitals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 215ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

තරඟාවලියේ ප්‍රථම වරට අද දිනයේදී ක්‍රීඩා පිටියට පිවිසි David Warner, Delhi Capitals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළේ පන්දු 45කදී ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් වුනා.

Prithvi Shaw ලකුණු 51ක් රැස් කළ අතර Shardul Thakur ලකුණු 29ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Sunil Narine කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 215ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Rider පිතිකරුවන්ට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 171ක් පමණයි

Kolkata Knight Rider ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Shreyas Iyer පන්දු 33ක් තුල වෙගවත් ලකුණු 54ක් රැස් කල අතර Nitish Rana ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Kuldeep Yadav කඩුලු 4ක් දවා ගත් අතර Khaleel Ahmed කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟයේ වීරයා සම්මානය Kuldeep Yadav හට හිමි වුණා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button