Cricket NewsEXCLUSIVEIPL

Lucknow Super Giants කණ්ඩායම දැඩි පීඩනයකට නතු කරමින් පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගනිමින් Trent Boult යැවූ සුපිරි පන්දු යැවීම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 20වන තරගය ලෙස Rajasthan Royals සමග Lucknow Super Giants කණ්ඩායමත් අතර තරඟය අද ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දෙමින් Rajasthan Royals වෙනුවෙන් ප්‍රථම පන්දුවාරය යොමු කල Trent Boult එම පන්දුවාරයේ ප්‍රථම සහ දෙවන පන්දු වලින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

Lucknow Super Giants නායක KL Rahul සහ Krishnappa Gowtham, Trent Boult ගේ ගොදුරු බවට පත් වුනා.

එම කඩුලු දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7