Cricket NewsEXCLUSIVEInternational

එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට ‘සංගා’ තෝරා ගන්නා ලකුණු.

එංගලන්තයේ ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවූ ප්‍රධානතම පුහුණුකරුවන් තිදෙනා අතර කුමාර් සංගක්කාර ද සිටින බව එංගලන්ත මාධ්‍ය වාර්තා කළේය.

ඒ සඳහා කුමාර් සංගක්කාරගේ, ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ සහ මයික් හසීගේ නම් යෝජනා වී ඇති අතර, ඒ අතරින් සංගා ජනප්‍රියතම සහ ඉදිරියෙන්ම සිටින බව ද එංගලන්ත මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එංගලන්ත එක්දින හා විස්සයි20 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැතිව් මොට්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති අතර, පසුගිය වසරේ එක්දින ලෝක කුසලානයේදී සහ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිල දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය ඊට හේතු වී ඇතැයි වාර්තා වේ.

එක්දින හා විස්සයි20 ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා ක්‍රීඩකයකු ලෙස අත්දැකීම් බහුල පුහුණුකරුවකුගේ සේවය ලබා ගත යුතු බවට නායක බට්ලර් ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. නායක බට්ලර් ද රාජස්තාන් රෝයලස් පිලට ක්‍රීඩා කරන අතර, ඔහු සිය මංගල අයිපීඑල් ශතකය රැස් කර ඇත්තේ වසර 2021 දී කුමාර් සංගක්කාර රාජස්තාන් රෝයල්ස් පිලට එක්වීමෙන් පසුව බව වාර්තා වේ. එමෙන්ම මේ වන විට අයිපීඑල් පිටියේ වැඩිම ශතකලාභීන් අතර ශතක 7ක් ලබා දෙවැනි තැන පසුවන බට්ලර්ගේ සෑම ශතකයක්ම වාර්තා වී ඇත්තේ සංගක්කාරගේ අධීක්ෂණය යටතේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button