Cricket NewsEXCLUSIVELPLPremier LeagueRishie Bro

දඹුල්ල, අවසාන මහා තරගයට කැටුව ගිය තරගයේ නිළ නොලත් වීරයා – කුසල් ජනිත් පෙරේරා.

දඹුල්ල සහ ගාල්ල තරගයෙන් ජය හිමිකර ගත් දඹුල්ල කන්ඩායම මෙවර එල්.පි.එල් තරගාවලියේ ප්‍රථම වරට අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා.
ඔය තරගයෙන් පස්සේ තරගයේ වීරයා සම්මානය දෙන්නේ කුසල් මෙන්ඩිස්ට,

මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙක් ලෙස පැමිණ මේ දඹුලු ඉනිම ගොඩ නගන්න හොදින් පිතිකරණයේ යෙදුනා.
හැබැයි මට නම් මේ තරගයේ වීරයෝ තුන් දෙනෙක් හිටියා.
පලවෙනි කෙනා තමයි ලසිත් කෘස්පුල්ලේ !

කන්ඩායමේ ප්‍රභල පිතිකරුවෝ සියල්ලම වගේ සිය වගකීම් වලින් පලා යද්දි Uncap ප්ලෙයර් කෙනෙක් විදිහට ඇවිත් ඒ ගහපු ඉනිම නිසා තමයි ගාල්ල ලකුණු පුවරුව මේ තාක් හරි ගොඩ නැගුනේ…
දෙවෙනියට කුසල් මෙන්ඩිස්ගේ ඉනිම,
කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙක් ලෙස පැමිණ අනිත් පිතිකරුවන් වටා එකතු වෙමින් මේ ඉනිම ලස්සනට ගොඩ නැගුවා. ඒ නිසාම වෙන්න ඇති ලකුණු 49ක් ගහපු කුසල් මෙන්ඩිස්ට තරගයේ වීරයා සම්මානය පවා පිරි නමන්නේ…!

හැබැයි මේ දඹුලු ජයග්‍රහණයේ වටිනාම ඉනිම නම් මට අනුව නිර්මාණය වන්නේ කුසල් ජනිත් පෙරේරාගෙන්,
ඔව් කුසල් මෙන්ඩිස් හොදින් ක්‍රීඩා කරා..

හැබැයි කුසල් ජනිත් ඇවිත් එයාගේ එක්ස්පීරියන්ස් එක යූස් කරලා මෙන්ඩිස් එක්ක දාපු ඒ පාට්නර්ශිප් එක නැත්තම් දඹුල්ලට මේ ඉලක්කය අසීරු වෙන්න තිබ්බා.
මේ ලකුණු 147ක ඉලක්කය හඹාගෙන යන්නත් දඹුල්ලට අවසන් පන්දුවාරය වෙනකල්ම සටන් කරන්න වුනා.
එක මොහොතක දඹුල්ල ලකුණු පුවරුව දිස් වුනේ ලකුණු 122/2 යි. පන්දුවාර 17ක් අවසන් වෙලා. ඒ වෙලාවේ දඹුල්ලට ජයග්‍රහණය සදහා පන්දුවාර තුනකින් ලකුණු 25ක් ලබා ගන්න තිබුනා. පන්දු යැව්වේ ලෝකයේ හොදම පන්දු යවන්නෙක් වුනු ශම්සි.

කඩුලු අතේ තිබුන නිසා මේක දඹුල්ලට ගහන්න බැරි නැ…
හැබැයි මේ තණතීරුව හැසිරුණු විදිහ එක්ක මේ ලකුණු 25ත් ලේසි නැ.. ඉතිං මේ ජයග්‍රහණය පහසු වෙන්නේ කුසල් ජනිත් ඒ වෙලාවේ එල්ල කරපු හයේ පහරවල් දෙකයි. ඒ හතරේ පහරයි හින්දා…
ඒ වෙලාවේ කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ලත් දැවී ගියා.

ශම්සිට එරෙහිව ඒ පන්දුවාරයේ කුසල් ජනිත් ලකුණු 11ක් ලබා ගන්නවා. මේ ලකුණු ටික මාර තීරණාත්මක වුනා. මොකද ශම්සි පන්දු යවන්න කලින් 17 වෙනි පන්දුවාරය යවපු ශකීබ්ට එරෙහිව දඹුල්ලට රැස් කරන්න පුළුවන් වුනේ ලකුණු 2යි. පීඩනය නැවතත් දඹුල්ල පැත්තට එන ගමන් තිබුනේ…
නමුත් ඒ වෙලාවේ කුසල් ජනිත් ඒ පීඩනයෙන් දඹුල්ල ගලවාගෙන ශම්සිට එරෙහිව හයේ පහරක් සහ හතරේ පහරක් ලබාගෙන ඊට පස්සේ පන්දුවාරයේ රාජිතට එරෙහිව හයේ පහරක් සමගින් ලකුණු 11ක්ම කුසල් ජනිත්ගේ පිත්තෙන් ‍රැස් කරලා සමස්ත තරගයේ ලකුණු 53ක් ඔහු ලබාගෙන පහසු ජයක් කරා තමන්ගේ කන්ඩායම ‍රැගෙන ගියා.
ඉතිං සම්මාන නොලැබුනාට මේ තරගයේ වටිනාම ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් ඒ තමයි කුසල් ජනිත් පෙරේරා !!!

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button