Cricket NewsEXCLUSIVE

“Back to back games තව අඩු වෙනවා නම් මේ තරගාවලිය තව ගොඩාක් සාර්ථක වෙන හොද තරගාවලියක් වෙයි” කාර්‍යබහුල LPL තරඟ කාලසටහන පිළිබඳව වනිඳු හසරංග අසතුටෙන් !

මෙවර LPL තරඟාවලියේ අවසන් තරඟය සඳහා මාන බලමින් සිටින B LOVE KANDY කන්ඩායමට මෙවර තරඟාවලියේදී ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනෙක් අහිමිව අවසන්.

නුවන් ප්‍රදීප්,ඉසුරු උදාන හා දුශ්මන්ත චමීර එලෙස ආබාධයට ලක්වූ B LOVE KANDY හි වේගපන්දු යවන්නන්.

වනිඳු හසරංග මෙවර තරඟාවලියේ කාර්‍යබහුල තරඟ කාලසටහන පිළිබඳව වනිඳු හසරංග කියා සිටින්නේ මෙවැන්නක්.

” මේ තරගයට පෙර තරග තුනක් ක්‍රීඩා කරා එක දිගට දවස් තුනක්. ඒ දෙන්නා ( නුවන් ප්‍රදීප් , ඉසුරු උදාන ) ඒ තරග තුනම ක්‍රීඩා කරා. ෆාස්ට් බෝලර් කෙනෙක් එක දිගට මේ වගේ ෆාස්ට් ගේම් එකක් ක්‍රීඩා කරනවා කියන්නේ ඇත්තටම මට එයාලගෙන් ඊට වැඩිය දෙයක් ඉල්ලන්න බැ. ඉසුරු උදානට ගොඩාක් දුරට තරගාවලියේ ඉතුරු තරග ක්‍රීඩා කරන්න බැරි වෙයි. බලනවා නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය කොහොමද කියලා. කියන්න දන් නැ ඒක. මං හිතනවා ඉදිරි වසරෙවත් මේ තරගාවලිය තවත් කල් කල් අරගෙන ක්‍රීඩා කරන්න පුළුවන් නම් Back to back games තව අඩු වෙනවා නම් මේ තරගාවලිය තව ගොඩාක් සාර්ථක වෙන හොද තරගාවලියක් වෙයි කියලා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button