Cricket NewsEXCLUSIVEInternationalRishie Bro

පසුගිය IPL තරගාවලියේදී කාගෙත් අවධානයට ලක් වූ ප්‍රවේගකාරි මැදපෙල පිතිකරු රින්කු සිං අද අයර්ලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකර ගැනීමට නියමිතයි.

ඉන්දියාව සහ අයර්ලන්තය අතර අද ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත පලමු විස්සයි විස්ස තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ප්‍රවේගකාරි මැදපෙල පිතිකරු රින්කු සිං විස්සයි විස්ස වරම් හිමිකර ගනු ඇතැයි වාර්තා වෙනවා.

රින්කු මෙවර IPL තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කන්ඩායම වෙනුවෙන් කැපීපෙනන දස්කම් ප්‍රදර්ශනය කල අතර ඔහුට අමතරව අද තරගයේදී ශිවම් ඩුබේ හටද අවස්ථාව හිමි වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…!

මෙම තරගාවලියේ ඉන්දීය කන්ඩායම මෙහෙයවීමේ වගකීම ජස්ප්‍රිට් බුම්‍රා හට හිමි වී තිබෙනවා.

෴ ඒ අනුව අද තරගයට ක්‍රීඩා කරාවි යැයි අනුමාන කරන ඉන්දීය කන්ඩායම ෴
Ruturaj Gaikwad
Yashasvi Jaiswal
Tilak Varma
Shivam Dube
Sanju Samson / Jitesh Sharma ( WK )
Rinku Singh
Washington Sundar
Ashdeep Singh
Ravi Bishnoi
Jasprit Bumrah ( C )
Prasidh Krishna

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button