Cricket NewsEXCLUSIVEInternational

දිමුත්,කුසල්,චන්දිමාල් හා මැතිව්ස්ගෙන් දෙදෙනෙකු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සංචිතයට ?

සිම්බාබ්වේ දේශයේදී ලබන ජූනි මස ආරම්භ වීමට නියමිත ජගත් එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබුමේ වටය සදහා ශ්රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිත අතර ඒ සඳහා වන ශ්රී ලංකා සංචිතය මේවන විට අවසන් කරමින් සිටින බව මෙරට තේරීම් කමිටු ප්රධානී ප්රමෝද්ය වික්රමසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම එම සංචිතයට ජේෂ්ඨ ක්රීඩකයන් දෙදෙනෙකු හට ඇතුලත් විය හැකි වන බවත් ඒ මැතිව්ස්, දිමුත් හෝ දිනේෂ් චන්දිමාල් කුසල් පෙරේරා වනු ඇති බවත් තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේය.

ශ්රී ලංකා කණ්ඩායමට අවසන් වරට ක්රීඩා කල ලෝක කුසලාන තරඟාවලිය සඳහා නායකත්වය ලබාදුන්නේ දිමුත් කරුණාරත්න වන අතර කුසල් ජනිත් පෙරේරා හා ඇන්ජලෝ මැතිව්ස් එම ලෝක කුසලාන කණ්ඩායමේද කොටස් කරුවන් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
2
+1
9
+1
4
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button