Cricket NewsEXCLUSIVEInternational

මේ වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස් කල පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්වේ-දෙවැනි තැන නිස්සංකට !

ජාත්‍යන්තර තරඟ තහනමෙන් අනතුරුව දේශීය පිටියේදී මෙන්ම ලංකා ප්‍රිමියර් ලීගයේදීද හොඳින් ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් හට ජාත්‍යන්තර තරඟ සඳහා යලිත් අවතීර්ණ වන්නට අවස්ථාව නිර්මාණය කරගත්තේය.ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි විස්ස තරඟාවලිය සාර්ථකව නිමා කරමින් මෙම වසර ඇරඹූ මෙන්ඩිස් මේ වසරේදී ජාත්‍යන්තර ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය ප්‍රථම ලාංකික පිතිකරුවා බවට පත් විය.

මේ දින වලදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියාද වන කුසල් මේ වසරේදී මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම් 15 කදී ලකුණු 401 ක් රැස් කරගන්නට සමත් ව තිබේ.ඊට අර්ධ ශතක 4 ක් ද ඇතුලත් වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමාව දුටු එක්දින තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම තරඟාවලියේ වීරයාද වූ මෙන්ඩිස් මේ වසරේදී එක්දින ලකුණු 318 ක් රැස් කර තිබේ.එහිදී අර්ධ ශතක 2 ක්ද සමඟින් ඔහු රඳවාගෙන තිබෙන සාමාන්‍ය 53 කි.

මේ වසරේදී ඔහු ටෙස්ට් තරඟ 7 කදී ඉනිම් 12 ක් තුල ලකුණු 380 ක් රැස් කර තිබෙන අතර ඊට අර්ධ ශතක 4 ක් ඇතුලත් වේ.විශේෂත්වය වන්නේ කුසල් මේ වසරේදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙන්නේ දෙවරක් පමණක් වීමයි.

මෙන්ඩිස් මේ වසරේදී තරඟ ආකෘති තුනෙහිම ඉනිම් 35 ක් තුලදී ලකුණු 1099 ක් රැස් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභියා වෙමිනි.එම ලැයිස්තුවේ දෙවැනි තැන පැතුම් නිස්සංක රැදී සිටින අතර ඔහු ඉනිම් 32 කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1068 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button