Cricket NewsEXCLUSIVEInternational

නිස්සංකගේ හා ප්‍රමෝද්ගේ ආබාධ තත්වයන් බරපතල නොවන ලකුණු- දෙදෙනාම සුපිරි 12 වටයේ පළමු තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි !

පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරඟයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් ආබාධයට ලක්වූ අතර අද ඔහුගේ තත්වය එතරම් බරපතල නොවන බවයි ඉහළ පෙලේ ක්‍රිකට් ආරංචි මාර්ග මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

අද නෙදර්ලන්තයට එරෙහිව නිමාව දුටු තරඟයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකද ආබාධයකට ලක්වූ අතර ඔහු පන්දු රැකීමටද එක්නොවීය.නිස්සංක අද තරඟය පැවැත්වෙන අවස්ථාවේදීම ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු අතර ඔහුගේ තත්වය පිළිබඳවද ඒ වන විට මාධ්‍ය වෙත ප්‍රකාශ කර නොතිබුණි.

කෙසේ නමුත් වෛද්‍ය වාර්ථා වලට අනුව සඳහන් වූයේ නිස්සංකගේ ප්‍රමෝද් ගේ ආබාධ තත්වයන් එතරම් බරපතල නොවන බවත් සුපිරි 12 දෙනාගේ වටයේ පළමු තරඟයට ඔවුන් දෙදෙනාම කැඳවීමට නියමිත බවත් ය.

මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධ හේතුවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර ඇති අතර එම ක්‍රීඩකයින් වනුයේ දුශ්මන්ත චමීර,ඩිල්ශාන් මදුශංක හා ධනිශ්ක ගුණතිලක යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button