Cricket NewsEXCLUSIVE

ඩෝලර් ලක්ෂ ගණනක් වැය කරමින් පකිස්ථානය විසින් කුසල් මෙන්ඩිස්ව මිල දී ගනී.!

නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් නිමා කරන්නට කුසල් මෙන්ඩිස් පසු ගිය දා සමත් වුනා.

ඉකුත් ජූනි මාසයේ සිට එංගලන්තයේදී ජෛව බුබුලේ නිතිය කඩ කිරීමේ වරදට වරදකරු වී ජාත්‍යන්තර තරඟ තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් යලිත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමේ ඉඟි මෙවර LPL තරඟාවලියේදී ලබාදුන්නේ වැඩිම ලකුණු ලාභියාද වෙමිනි.

එම දක්ශතා හේතුවෙන් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහාද කුසල් මෙන්ඩිස් ඉකුත්දා ගිවිසුම් ගත විය.

මෙවර PSL තරඟාවලිය සඳහා ඩයමන්ඩ් කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටි කුසල් මෙන්ඩිස් ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසුව ක්වාට් ග්ලැඩියේටර්ස් (Quetta Gladiators) සමඟ ගිවිසුම් ගතවී තිබුණි.

ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් හිමිකාරීත්වය දරණ නදීම් ඕමාර් විසින් PSL හි ක්වාටා ග්ලැඩියේටර්හි ද හිමිකාරීත්වය දරනු ලබනවා.

මිට පෙර BPL හි තරඟ කිරීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස් මෙම මිලදී ගැනීමත් සමග PSL තරඟාවලියට තරඟ කිරීමට නියමිතව ඇත.

මෙවර තරඟාවලිය ලබන ජනවාරි මස 27 වැනිදා සිට පකිස්ථානයේ කරච්චි නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button