EXCLUSIVESri Lanka

ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා මාතාව රනින් සැරසු සුරූපිණිය – ශෙනුකි දිශාල්‍යා

2021 ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා ඊයේ(28) සමත් වුණා.

එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහාම රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද ඇය විසින් දිනා ගනු ලැබීම විශේෂත්වයක්.

එම ජයග්‍රහණයත් සමගම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබුවා.

තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කර ඇති අතර රටවල් 19 ක සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්වෙනවා.

ශෙනුකි දිශාල්‍යා රන් සම්මාන පැළඳ සිටින ජායාරුප කිහිපයක් පහතින්,

01

02

03

04

05

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7