Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් ලෝකයේම ආදරය දිනාගත් නවසීලන්ත සුපිරි පිතිකරු රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කරයි.!

නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් සිය 16 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සහබාගි වන එළඹෙන දේශීය තරග වාරයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට නියමිත බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අද දින විශේෂ ට්විටර් සටහනක් තබමින් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළ අතර එහිදී ඔහු මෙලෙස සටහනක් එක් කර තිබුනා.

“අද මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිවේදනය කරනවා, ඒ ගිම්හානය අවසානයෙදි බංග්ලාදේශයට එරෙහිව තවත් ටෙස්ට් තරග දෙකක් සහ ඔස්ට්‍රලියාවට සහ නෙදර්ලන්තයට එරෙහිව එක්දින තරග හයකින් පසුවයි. මා හට ලබා දුන් වසර 17ක ඇදහිය නොහැකි සහයෝගයට ස්තූතියි.මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්” යනුවෙන් ඔහු සටහන් කර තිබුනා.

2006 වසරේදී ජාත්‍යන්තර පිටියට පිවිසුණ රෝස් ටේලර් මේ වන විට 37 වන වියේ පසුවන අතර ටෙස්ට් තරග 110කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 7,585 ක් රැස් කරගෙන තිබෙනවා.

රෝස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය එළඹෙන ජනවාරි පළමු වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය වනු ඇත.

මේ වන විට නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්තේ හිටපු නායක ඩැනියල් විටෝරිය.

ඔහු ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කර ඇති අතර එළඹෙන තරඟ දෙක සමගින් රෝස් ටේලර් ද තරඟ 112කට ක්‍රීඩා කර ඇති නිසා ජාත්‍යන්තර පිටියට සමු දෙන විට විටෝරි හා ටේලර් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ලෙස ඉතිහාස ගතවනු ඇත.

නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 233ක් ක්‍රීඩා කර ඇති ටේලර් එහිදී ලකුණු 8,576ක් ලබා ගැනීමට සමත්ව තිබෙන අතර ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස යන තරග රටා ත්‍රිත්වයෙන්ම ජාත්‍යන්තර තරග 100 බැගින් ක්‍රීඩා කළ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ ද රෝස් ටේලර් ය.

එමෙන්ම නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් හා එක්දින ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවා වන රෝස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ද වනවා.

සිය ක්‍රිකට් දිවියේ ජාත්‍යන්තර තරග 445ක් ක්‍රීඩා කර ඇති රෝස් ටේලර් ඉතිහාසයට එක් වන්නේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙසයි.

රෝස් ටේලර් තැබූ සිය සමු ගැනීමේ විශේෂ ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button