Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට පැවැත්වෙන තීරණාත්මක තෙවන තරඟයට කුසල් මෙන්ඩිස් සූදානම්.!

කොරෝනා ආසාදනය වී, ඉන් සුවය ලබා සිටින කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට (15 වැනිදා) කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි-20 තරගයට සහභාගි වීමට සූදානමින් සිටියි.

පෙබරවාරි 7 වැනිදා මුහුණදුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් කුසල්ට තරගාවලියේ පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. එදිනම මුහුණදුන් PCR පරීක්ෂණයකදී කුසල්ට වයිරසය ආසාදනය වී ඇති බව සනාථ විය.

කණ්ඩායමෙන් ඉවත්ව දින 7 ක නිරෝධානය ක්‍රියාවලියකට භාජනය වීමෙන් අනතුරුව ඊයේ (13 වැනිදා) කුසල් පරීක්ෂණයකට යොමු කෙරුණ අතර එහිදී ඔහු ඍණාත්මක ප්‍රතිඵල පෙන්වීය.

ඒ අනුව අද (14 වැනිදා) තවත් පරීක්ෂණයකට මුහුණදීමට කුසල්ට සිදුවූ අතර එහි ප්‍රතිඵලයද ඍණාත්මක වීම හේතුවෙන් ඔහුට හෙට තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය කණ්ඩායමේ අවසරය ලැබීමෙන් අද දිනයේදී කුසල් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව පුහුණුවීම්වල නිරත වුවා.

පළමු තරග දෙකට ඔහු ක්‍රීඩා නොකිරීම හේතුවෙන් එහිදී දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කරනු ලැබුවා.

පසුගිය 2021 වසරේ පැවැති එංගලන්ත සංචාරයේදී ජෛව බුබළ කඩ කිරීම හේතුවෙන් වසරක ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටි කුසල්, මෙම වසරේ ජනවාරි මස 7 වැනිදා එම තහනමෙන් මිදුන අතර ඉන් අනතුරුව ඔහු සහභාගි වන පළමු විදෙස් සංචාරයද මෙම ඕස්ට්‍රේලියානු විස්සයි-20 සංචාරයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button