Cricket NewsEXCLUSIVE

කිසිවෙක් තමන්ව ගණන් නොගන්නා නිසා ශකීබ් අවසන් මොහොතේ සිය උඩගු තීරණය ඉල්ලා අස් කර ගනී.!

මීට දින කිහිපයකට ඉහතදිජ් බංග්ලාදේශය ක්‍රිකට් පාලක මණ්ඩලය හා තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල්හසන් අතර මතබේධාත්මක තත්වයක් උත්සන්න වී තිබුණි.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වන බංග්ලාදේශ සංචිතයට ඇතුලත්ව සිටි ශකිබ් මීට පෙර එම තරඟාවලිය සඳහා එක් නොවන බව ප්‍රකාශ කර තිබුණේ මානසික යහපැවැත්ම උදෙසා යම් කාල සීමාවකට තමන් හට ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටින්නට අවශ්‍ය බව කියමිනි.

කෙසේ නමුත් බංග්ලාදේශය ක්‍රිකට් මාධ්‍යට සඳහන් කර සිටින්නේ ශකීබ් තරඟාවලිය සඳහා සහභාගී වන බවය.

ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව කරා පිටත්ව යෑමට නියමිත බව සඳහන්

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ශකීබ් කියා සිටියේ “මම බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී නස්මුල් හසන් සමඟ පසුගිය දින දෙකේ කතා කළා. මම ආකෘති තුනේම තරග ක්‍රීඩා කරන්න සූදානම්.ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි මට විවේකයක් දෙන්නේ කොයි වේලාවේ ද කියලා. ඒ නිසා මම දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වෙනවා.” යනුවෙනි.

ශකීබ් තමන් ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත්ව සිටින බව ඔහු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබුණේ මීට පෙරාතුව වන අතර ඒ හේතුවෙන් ඔහු ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා විවේක ගන්වන්නටද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණි.

“මම ඩුබායි ගියාට පස්සේ Shakib පවසා සිටියා මාත් එක්ක කතා කිරීමෙන් පසුව තමන් අවසන් තීරණය ගන්නා බව. පසුව ඔහු පවසා සිටියා ඔහුට දකුණු අප්‍රිකාවට යන්නට බැහැ කියල.අපි ඔහුට විවේකයක් දෙන්න තීරණය කළා. පසුව දැනට දින දෙකකට පෙර ඔහු පවසා සිටියා තමන් මානසිකව වෙහෙස වී ඇති බව. ඒක ඕනේ කෙනෙකුට වෙන්න පුළුවන්.”.

“ඔහුට තමන්ගේ සිත හදාගන්න අපහසුවක් තිබුණා. අපි ඔහුට මේ අමාරු අවස්ථාවේ උදව් කළා. ක්‍රිකට් පාලක මණ්ඩලය හැම වෙලාවේම ක්‍රීඩකයින් සමඟ ඉන්නවා.”

“Shakib දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වෙනවා. ඔහු දකුණු අප්‍රිකාව කරා පිටත්ව යයි. සමහර විට ඔහුට තරගයක් මඟ හැරෙන්න පුළුවන්. ඒක වැඩිය සිතිය යුතු නැහැ. ඔහුට ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඒක තමයි වැදගත්ම දෙය.” යනුවෙන් මාධ්‍ය හමුවට එක්වූ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී නස්මුල් එහිදී ප්‍රකාශ කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7