Cricket NewsEXCLUSIVEWoman Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල වේගයෙන් ඉදිරියට.!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පිතිකාරිණියන් සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

පසුගිය දා ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද, එහිදී පිතිකාරිණියක් ලෙස මෙන්ම පන්දු යවන්නියක ලෙසද දැක්වූ දස්කම් හේතුවෙන් මෙලෙස චමරි ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දීය තරගාවලියට පෙර විස්සයි-20 පිතිකාරිණයන් අතර 8 වැනි ස්ථානයේ පසුවූ චමරි, එහි එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර මෙය ඇය ශ්‍රේණිගත කිරීම්වල හිමිකරගත් ඉහළම ස්ථානයයි. ඇයගේ ප්‍රසාද ලකුණු ගණන 664ක්.

එමන්ම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 7 වැනි ස්ථානයට පැමිණීමට පෙර ඇය පසුවුයේ එහි 9 වැනි ස්ථානයේය.

ඉන්දීය තරගාවලියේදී අර්ධ ශතකයක් (නොදැවී 80) සමග ලකුණු 139 ක් රැස්කළ චමරි, එහිදී පන්දුවාර 6 ක් යවමින් ලකුණු 45 කට කඩුල්ලක් දවාගැනීමටද සමත් වූවා.

චමරිට අමතරව අනුෂ්කා සංජීවනීද ස්ථාන 4 ක් ඉදිරියට එමින් විස්සයි-20 පිතිකාරිණියන් අතර 60 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

විස්සයි-20 පන්දු යවන්නියන් අතර ඕෂදී රණසිංහ ස්ථාන 11 ක් ඉදිරියට එමින් 26 වැනි ස්ථානයටද, සුගන්දිකා කුමාරි ස්ථාන 9 ක් ඉදිරියට එමින් 40 වැනි ස්ථානයටද, ඉනෝකා රණවීර ස්ථාන 16 ක් ඉදිරියට එමින් 47 වැනි ස්ථානයටද පත්ව සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button