Cricket NewsEXCLUSIVEPremier LeagueT10 League

කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති

කුසල් මෙන්ඩිස්ගේ සහ දසුන් ශානකගේ දක්ෂ පිතිහරඹයන් හමුවේ අබුඩාබි දහයයි-10 තරගාවලියේ චෙන්නායි බ්‍රේවේස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. හයිඩ් අලී ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත් අතර ඩැනියෙල් සෑම්ස්, රොහාන් මුස්තාෆා, බෙනී හොවෙල් සහ ඩොමිනික් ඩර්ක්ස් කඩුල්ල බැගින් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසලංක පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 55 ක් රැස්කිරීමට සමත් වුවද, සෙසු පිතිකරුවන්ගේ සහාය නොමැති වීම හේතුවෙන් ඔහුට චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක්ද, දසුන් ශානක පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button