Cricket NewsEXCLUSIVE

ජයගත් තරඟ හයෙන් හතරකම වැඩිම ලකුණු ලාභියා වෙමින් හඹා යෑම් ජයග්‍රහණය කරා ගෙනයන්නට අඩිතාලම තැබූ කුසල් මෙන්ඩිස්.!

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ මුල් භාගයේදී විස්සයි විස්ස්ස තරඟාවලි තුනකට ක්‍රීඩා කලේය.ඔස්ට්‍රේලියාවට එරෙහිව තරඟාවලි දෙකක් ඉන්දියාවට එරෙහිව එක් විස්සයි විස්ස තරඟාවලියකුත් ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ජයගත්තේ තරඟ දෙකක් පමණි. ආසියානු කුසලානයට පැමිණෙන්නට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බන් හිදී එක් තරඟයක් හා පල්ලෙකැලේදී එක් තරඟයක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබුණේ තරඟ 11 කට මුහුණ දෙමින්.

එම තරඟ 11 පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බලඇණිය ස්ථාවර මට්ටක් පෙන්නුම් නොකල අතර පැතුම් නිස්සංක පමණක් ආරම්බභක පිතිකරුවෙකු ලෙසින් ස්ථාවර දස්කම් අතර සිටි බව නොරහසක්. නමුත් ආසියානු කුසලානයට පැමිණෙන්නට පෙරදී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහුගේ සාර්ථකත්වය දේශීය පිටියේදී පෙන්නුම් කරන්නට සමත් විය.

ඒ හේතුවෙන් ඔහු ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සමඟින් ඉනිම ඇරඹීය.තරඟාවලිය පරාජයකින් ආරම්භක කල ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් තරඟ 4 ම ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර එම තරඟ තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් අයෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා බව පකිස්තානු උපනායකයා වන ශඩාබ් ඛාන් ඊයේ තරඟයට පෙර මාධ්‍ය වෙත කියා තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 වසරේදී ක්‍රීඩා කල සමස්ත ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 16ක්,එයින් ඔවුන් ජයගෙන ඇත්තේ තරඟ 6 ක් පමණයි.විශේෂත්වය වන්නේ මෙම තරඟ 6 ම ජයගෙන ඇත්තේ හඹායෑම මගින් වීමයි.

එහිදී තරඟ 6 න් හතරකදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කුසල් මෙන්ඩිස්.ඒ ඔහු ආරම්භක පිතිකරුවෙකු වශයෙන් කටයුතු කල අවස්ථාවන් හිදීයි. ඔහුට අමතරව පැතුම් නිස්සංක එක් අවස්ථාවකදී ද නායක දසුන් ශාන එක් අවස්ථාවකදී ද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වී තිබුණි.

විශේෂත්වය වන්නේ කුසල,නිස්සංක හා ශානක තම විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ගත කරන සාර්ථකම වසර මේ වසර වීමයි ඔවුන් තිදෙනාගේ අගනා රිද්මය මෙවර ආසියානු කුසලානයේදීත් ඔවුන් පෙන්නුම් කිරීමට සමත් වූවා.

ශ්‍රී ලංකාව ජයගත් තරඟ හා වැඩිම ලකුණු ලාභීන්

vs AUS – Sri Lanka won by 5 wkts (HS – Kusal Mendis)
vs AUS – Sri Lanka won by 4 wkts (HS – Dasun Shanaka)
vs BAN – Sri Lanka won by 2 wkts (HS – Kusal Mendis)
vs AFG – Sri Lanka won by 4 wkts (HS – Kusal Mendis)
vs IND – Sri Lanka won by 6 wkts (HS – Kusal Mendis)
vs PAK – Sri Lanka won by 5 wkts (HS – Pathum Nissanka)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7