Cricket NewsEXCLUSIVE

“කුසල් පෙරේරා දැන් සූදානම්,.දුශ්මන්ත චමීරත් අනිවාර්යෙන්ම නවසීලන්ත සංචාරයේ සිට කණ්ඩායමට එක් වේවි” – මහාචාර්ය අර්ජුන ද සිල්වා

කුසල් පෙරේරා හා දුශ්මන්ත චමීරත් එළැඹෙන නවසීලන්ත සංචාරය සමඟින් එක්වීමට නියමිත බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ත් වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරත් මීට මාස කිහිපයකට ඉහතදී සැත්කම් සඳහා භාජනය කෙරූ අතර කුසල් දීර්ඝ කාලීනව පීඩා විඳි උරහිසේ ආබාධයත් ලෝක කුසලාන තරඟාවලිය අතර තුරදී වළලුකර ආශ්‍රිතව ඇති වූ ආබාධය හේතුවෙන් දුශ්මන්ත චමීරත් එසේ සැත්මක් වලට භාජනය කලේය.

කෙසේ නමුත් මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිත ප්‍රධාමතම අභියෝගයක් වන නවසීලන්ත සංචාරය තුලදී දුශ්මන්ත චමීරත් කුසල් ජනිත් පෙරේරාත් යලි ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය ප්‍රධානී අර්ජුණද සිල්වා මහතා ප්‍රකාශ කලේය.ඒ ඊයේ පැවැති Sanath’s Show යූ ටියුබ් වැඩසටහන හා එක් වෙමිනි.

“කුසල් පෙරේරා දැන් සූදානම් ! නැවත ගැටලුවක් ඇති නොවුනොත් ඔහු අනිවාර්‍යෙන්ම එළැඹෙන නවසීලන්ත සංචාරයට එක්වෙනවා.දැන් කුසල් දේශීය තරඟ වලටත් සහභාගී වෙඅවා.ත්‍රෝවිංග්ස් පුලුවන් ඔක්කොම පුලුවන්…දුශ්මන්ත චමීරත් අනිවාර්‍යෙන්ම නවසීලන්ත සංචාරයේ එක්දින තරඟ වලට එකතු වේවි.” යනුවෙන් ඒ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7