Cricket NewsEXCLUSIVE

චන්දික හතුරුසිංහව නැවතත් බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය සැරසෙයි.!

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා නැවතත් චන්දික හතුරුසිංහ මහතාව පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව විශ්වාසදායි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

2014 වසරේ සිට 2014 දක්වා බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය චන්දික හතුරුසිංහ මහතා විසින් හොබවනු ලැබුවා.

අනතුරුව 2014 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශාල මුදලක් ද සහිතව චන්දික හතුරුසිංහ මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා පත් කළ නමුත් එය මාස කිහිපයකින් අවසන් වුණා.

2014 වසරේ සිට 2018 දක්වා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට චන්දික හතුරුසිංහ මහතා විසින් විශාල සේවයක් සිදු කළ අතර ඒ හේතුවෙන් නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ඒ මහතාව පත්කිරීමට අදාල බලධාරීන් තීරණය කර තිබෙනවා.

බංගලදේශ මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර ඇති අතර නිල ලියවිල්ලක් (Official Statement ) ඉදිරියේදීම මාධ්‍ය වෙත නිවේදනය කෙරෙනු ඇත.

WELLINGTON, NEW ZEALAND – JANUARY 14: Coach Chandika Hathurusingha of Bangladesh looks on during day three of the First Test match between New Zealand and Bangladesh at Basin Reserve on January 14, 2017 in Wellington, New Zealand. (Photo by Hagen Hopkins/Getty Images)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button