ලහිරු කුමාර ඇඩවූ, නුවර දණ ගැස්සවූ කොළඹ නුවර ගැටුමේ ජය Colombo Stars හට හිමි වේ – සික්කුගෙ ප්රසන්නගෙන් හයේ වරුසාවක් එල්ල වේ.
ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ Kandy Warriors කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැති තරඟය කඩුලු 5 කින් ජය ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Stars කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Warriors කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් ලබා ගැනීමට සමත් වුණා.
Kandy Warriors වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තෙ කෙන්නාර් ලෙවිස් විසින්, ඔහු පන්දු 44කින් ලකුණු 68ක් ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 28 යි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ Colombo Stars කණ්ඩායම කඩුලු 5 ක් දැවී සිටියදී 19 වන පන්දුවාරයේදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
Kandy Warriors කන්ඩායම තරගයේ අවසාන භාගයේදි ජයග්රහණය පෙනෙන මානයේ සිටියත් තරගය ඔවුන්ගෙන් ගිලිහී ගියේ ලහිරු කුමාර යොමුකල අවසන් පන්දුවාරයෙනි. අවසන් පන්දුවාරයට දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජයහ්රහනය කරා රැගෙන යාමට සික්කුගෙ ප්රසන්න සමත් උනා.
දිනේශ් චන්දිමාල් ලකුණු 44ක් ලබා ගනිද්දි අති විශිෂ්ඨ ප්රහාරයක් එල්ල කල සික්කුගෙ ප්රසන්න තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවා.
මේ සමගම Colombo Stars කණ්ඩායම ලකුණු සටහනේ තෙවන තැන දක්වා උසස්වීමකට පත් වූවා.