Cricket NewsEXCLUSIVEPSL

නායක Shaheen Afridiගේ සුපිරි පිතිකරණයත් විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් Lahore Qalandars පිට පිට දෙවන වරටත් PSL ශුරතාවය ජයග්‍රහණය කරයි.!

පසුගිය සංස්කරණ සියල්ලටම වඩා වැඩි අවධානයක් දිනාගන්නට මෙවර පකිස්තානු සුපර් ලීග් තරඟාවලිය සමත් විය.සෙසු තරඟාවලි කිහිපයටම වඩා වැඩි ගුණාත්මක බවකින් යුක්ත වූ මෙවර තරඟාවලියේ අවසන් වටයට පිවිසි කණ්ඩායම් හතරම සුපිරි රිද්මයක් සමඟින් අවසන් වටයට පිවිස සිටියේය. කෙසේ නමුත් අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණයන් වාර්ථා කල ශහීන් ශා අෆ්‍රීඩි ගේ ලාහෝර් ක්වාලෑන්ඩර්ස් හා මොහොමඩ් රිස්වාන් ගේ මුල්තාන් සුල්තාන් කණ්ඩායමයි.

ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණය අවසන් මහා තරඟය සඳහා සත්කාරකත්වය ලබාදුන් අතර ලාහෝර් තණතීරුවේ මුලින්ම කාසියේ වාසිය දිනාගත් ලාහෝර් නායක ශහීන්ගේ තීරණය වූයේ මුලින්ම පන්දුවට පහර දෙන්නටයි.ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ලාහෝර් ක්වාලෑන්ඩර්ස් පිල වෙනුවෙන් මුල් පෙල පිතිකරුවන් තිදෙනාම ලකුණු 30 සීමාව පසු කර යන්නට සමත් වූ අතර සුපිරි පිතිකරණයක නියැලුණු අබ්දුල්ලා ශෆීක් පන්දු 40 කදී ලකුණු 65 ක් රැස් කලේය.

යලිත් අසාර්ථක වූ ක්වාලෑන්ඩර්ස් මැදපෙලට සවිමත් මුක්කුවක් ගැසූ නායක ශහීන් පන්දු 15 කදී නොදැවුණු ලකුණු 44 ක් රැස් කලේ ලාහෝර් පිටිය ගිනිකෙලි සංදර්ශනයක් බවට පත් කරමින්. ශහීන්ගේ වේගවත් අවසානයත් සමඟින් නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 200 ක් රැස් කරන්නට ශහීන් ප්‍රමුඛ ක්වාලෑන්ඩර්ස් ක්‍රීඩකයෝ සමත් විය.

පන්දු යැවීමේදී මුල්තාන් සුල්තාන් පිල වෙනුවෙන් උසාමා මීර් කඩුලු තුනක් බිඳ හෙලූ අතර අන්වර් අලී,ඉන්ශාඋල්ලාහ් හා කුශ්දිල් ශා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු 201 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි මුල්තාන් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් හා රයිලී රසෝව් එක්ව අගනා සබඳතාවයක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර නායක රිස්වාන් පන්දු 23 කදී ලකුණු 35 ක් රැස් කල අතර රයිලි රසෝ ලකුණු 52 ක් රැස් කලේ පන්දු 32 ක් පමණක් වැය කරමිනි.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරය තුලදී ලකුණු 13 ක් අවශ්‍ය වූ අතර සමාන් ඛාන් යොමු කල අවසන් පන්දුවාර තුලදී මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 11 ක් පමණයි.

ඒත් සමඟින් එක් ලකුණකින් තරඟය ජයගත් ක්වාලෑන්ඩර්ස් කණ්ඩායම පිට පිට දෙවන වරටත් ශූරයින් වූ අතර පන්දු යැවීමේදී තරඟය කණපිට හරවූ රශීඩ් කාන් පන්දුවාර හතරක් තුල ලකුණු 26 කට කඩුලු දෙකක් බිඳ දැමූ හතර නායක ශහීන් කඩුලු 4 ක් බිඳ හෙලන්නට සමත් විය.

තරඟයේ වීරයා ලෙසින් ක්වාලෑන්ඩර්ස් නායක ශහීන් අෆ්‍රීඩි සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ නවක වේගපන්දු යවන ක්‍රීඩක ඉන්ශාඋල්ලාහ් සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7