Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් නවසීලන්තය තරඟයේ ග්‍රහණය සම්පුර්ණයෙන්ම සියතට ගනී – ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක් අභියස.!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ තෙවන දිනය නිමා වන විට තරඟයේ සම්පුර්ණ ග්‍රහණය තමන් ඇත රඳවා ගැනීමට නවසීලන්තය සමත්ව සිටිනවා.

අද දිනය ආරම්භයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සිමා කිරීමට නවසිලන්ත පන්දු බලඇණිය සමත් වුයේ සිය පළමු ඉනිම සඳහා ලකුණු 580ක් රැස්කළ නවසීලන්තයට වඩා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 416ක් පසුපසින් තබාගෙනයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් යම් සාර්ථකත්වයක් පෙන් වූ එක ම ක්‍රීඩකයා බවට පත් වූ නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් වාර්තා කළ අතර ඊට අමතරව දිනේෂ් චන්දිමාල් 31ක් ද නිෂාන් මධුෂ්ක 19ක් ද ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එකතු කළා.

ඒ හැරුණුකොට අන් එකදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට අවස්ථාවක් නවසීලන්ත පන්දු යවන්නන් ලබා දුන්නේ නැහැ.

නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන් රි සහ මිචෙල් බ්‍රාස්වෙල් කඩුළු 3 බැගින් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමිහිරි සහගත පරාජයකින් බේරිම සඳහා සිය දෙවන ඉනිම ආරම්භ කරන්න වූයේ 416ක දැවන්ත ලකුණු සංඛ්‍යාවක් පසුපසිනුයි.

ඒ අනුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා නවසිලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 303ක් පසුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7