Cricket NewsEXCLUSIVE

ඉන්දියාව ඉන්දියාවේදීම දණ ගැස්වූ ඕස්ට්‍රේලියානුවන් ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කරගනී.!

බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලියේ තෙවන තරඟය ඉන්දෝර් හිදී නිමාව දුටුවේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් උරුම කර දෙමිනි.රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා ක්‍රීඩා කල තරඟයකදී ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පරාජය කල දෙවන අවස්ථාව වන්නේද මෙයයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් රෝහිත් ශර්මා මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කල නමුත් එම තීරණයට සාධාරණයක් සිදුකරන්නට ප්‍රභල ඉන්දීය පිතිකරුවන්ට නොහැකි විය.මංගල තරඟාවලිය ක්‍රීඩා කල කරන මැතිව් කුහෙන්මන් ඉදිරියේ ඉන්දීය පිතිකරුවන් පෙන්නුම් කල දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය පළමු ඉනිම ලකුණු 109 ක ට සීමා වූවා.සාර්ථක පන්දුයැවීමක නිරත වූ කුහෙන්මන් ලකුණු 19 කට කඩුලු 5 ක් බිඳ හෙලුවේය.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමද රිසිසේ ගොඩනගන්නට ඉඩ ලබා නොදුන් ඉන්දීය පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 197 කට සීමා කරද්දී උස්මාන් කවාජාගේ පිත්තෙන් අගනා ලකුණු 60 ඔස්ට්‍රේලියානු ඉනිමට එක් විය.පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4 ක් හා උමේෂ් යාදව් කඩුලු 3 ක් බිඳ හෙලුවේය.

ඔස්ට්‍රේලියානු පලමු ඉනිමට වඩා ලකුණු 88 ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම යලිත් පළමු ඉනිමේදී සිදුකල වරදම සිදුකල අතර චෙතෙශ්වර් පුජාරාගේ හුදෙකලා අර්ධ ශතකය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම අතිශය අසීරුවෙන් ලකුණු 163 ක් තම දෙවන ඉනිම වෙනුවෙන් රැස් කලේය.හුදෙකලා සටනක නිරත වූ පුජාරාගේ පිත්තෙන් ලකුණු 59 ක් වාර්ථා වූ අතර ඉන්දීය පිතිකරුවන් 8 දෙනෙකුගේම කඩුලු තම කඩුලු මල්ලට දමා ගත් නේතන් ලයන් ලකුණු ලකුණු 64 ට කඩුලු 8 ක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 76 ක ඉලක්කයක් හමුවූ අතර ට්‍රැවිස් හෙඩ්ගේ වේගවත් නොදැවුණු ලකුණු 49 හේතුවෙන් එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය ඔස්ට්‍රේලියනු කණ්ඩායම පසුකර ගිය අතර කඩුලු 9 ක ජයක් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවිය.

තරඟය පුරාවට කඩුලු 11 ක් බිඳ හෙලූ නේතන් ලයන් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගනිද්දී ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7