Cricket NewsEXCLUSIVELegends Story

මුත්තයියා මුරලිදරන් ගේ ස්වයං චරිතාපදානය ‘800’ චිත්‍රපටිය නැවත ආරම්භ වේ

Muttiah Muralitharan biopic 800 lands in soup, makers claim film 'does not make any political statement' | Entertainment News,The Indian Express

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව ඇතුළත් ‘800’ චිත්‍රපටයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම චිත්‍රපටිය සඳහා දේශීය සමාගමක් සම නිශ්පාදක ලෙස තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

‘800’ චිත්‍රපටයේ නිෂ්පාදනය 2020දී නවතා දැමිණි. මුත්තයියා මුරලිදරන් ගේ චරිතයට තෝරා ගත් දකුණු ඉන්දීය නළු විජය සේතුපතිට දකුණු ඉන්දියාවෙන් එල්ල වූ විරෝධය ඊට හේතු විය.

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා හමුදාව සහ එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ පැවති යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට සහ හමුදාවට පක්ෂපාතීව කටයුතු කළ නිසා එම චරිතයෙන් ඉල්ලා අස්වන ලෙස රංගන ශිල්පී විජය සේතුපතිට දැඩි බලපෑම් එල්ල විය.

මෙම විරෝධය හමුවේ මුත්තයියා මුරලිදරන් විජය සේතුපතිට 800 න් ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම මත විජය සේතුපති චිත්‍රපටයෙන් ඉවත් වීමට තීරණය කළේය. ඒ අනුව 2020 අගභාගයේදී මෙම ‘800’ චිත්‍රපටයේ කටයුතු අඩාල විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button