Cricket NewsEXCLUSIVELPL

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට, අවසන් මොහොතේ කඩා පාත් වුන අකරතැබ්බය.!

පසු ගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙ ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අත්හිටුවමින් එම කණ්ඩායම විකුණා දැමීමට එරෙහිව IPG ආයතනයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දඹුල්ල වයිකින්ස් හිමිකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

(පසුගිය වසරේ දඹුල්ල වයිකින්ස් ලෙස තරඟ වැදුණු කණ්ඩායම මෙවර නව හිමිකාරිත්වයක් යටතේ දඹුල්ල ජයන්ට්ස් ලෙස LPL වෙත අවතීර්ණ වී ඇත.)

කෙසේ නමුත් දඹුල්ල වයිකින්ස් හිමිකරුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටි අතර එළඹෙන (5) ඉරිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර කොළඹ දී ආරම්භ වීමට නියමිත ව ඇත්තේ, කණ්ඩායම් 5ක සහභාගිත්වයෙනි.

ඒ අතුරින් ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම්වල හිමිකාරිත්වය අත් හිටුවමින් නව හිමිකරුවන් වෙත එම කණ්ඩායම් විකුණා දැමීමට තරගාවලියේ මෙහෙයුම් කටයුතු කරන ඩුබායිහි IPG ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර එම විකුණා දැමීම අත්තනෝමතික අයුරින් සිදු කර ඇති බව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකරුවන් විසින් මීට පෙර චෝදනා එල්ල කළා.

එහිදී දඹුල්ල වයිකින්ග් හිමිකරුවන් පැවසු ප්‍රකාශයන් පහතින්

“අපි ආයෝජනය කළා අමෙරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලක්. නමුත් ලැබිච්ච දෙයක් නැහැ. ආයෝජනය කළ සියලු මුදල් නැතිවුණා. කණ්ඩායම ඉවත් කිරීමට හේතුව තවම දන්නේ නැහැ.හිමිකාරීත්වයෙන් ඉවත් කිරීම් සම්බන්ධව ලිඛිතව දැනුම් දීලත් නැහැ. නමුත් ඔවුන් පැවසුවේ අපි තවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ 50,000ක් ඔවුන්ට ණයයි කියලයි.

ඇයි මම තවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ 50,000ක් දෙන්නේ. ගිවිසුම් ප්‍රකාරව LPL තරගාවලියෙන් ඔවුන් මට අමෙරිකානු ඩොලර් හාරලක්ෂ 50,000ක් දෙන්න ඕන. පසුගිය සතියේදී මට කිව්වා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මිලදී ගන්න කියලා.මට තේරෙන්නේ නැහැ සැමවිටම පරස්පර විරෝධී පිළිතුරු දෙන්නේ ඇයි කියලා.

ඇයි ඔවුන්ට එකම දේක ඉන්න බැරි. මගේ කණ්ඩායම ඉවත් කරලා පස්සේ මෙහෙම කතා කරන්නේ ඇයි.අවසානයේදී ඔවුන්ගේ සෙල්ලමෙන් ඉවත්වෙන්න අපි තීරණය කළා.ඒ වගේම අපිට කිව්වා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මිල දී ගත්තොත් අපි උදව් කරන්නම් ICC ප්‍රශ්නෙ විසඳගන්න කියලා.මට තේරෙන්නේ නෑ මොකක් ද ICC එකෙන් විසඳගන්න තියෙන ප්‍රශ්නෙ කියලා.

IPG ආයතනය තමයි මට හමුවුණු කිසිදු වෘත්තිමයභාවයක් නැති ආයතනය.කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වගකීම පැහැරහැරලා ඉන්නේ.මෙම තත්ත්වය ගැන ඉතාමත් කනගාටුයි.මම හිතනවා ඔවුන් මේ ගැන තේරුම් ගනී කියලා සහ එය නිවැරදි කරයි කියලා.එසේ නො වුණ හොත් අපි නීතිමය පියවර ගන්නවා.”

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට වැඩි යමක් ලැබෙන දින තුනේ තරගමාලාව අතහැර මුදල් පසුපස හඹා යමින් එල් පී එල් තරගාවලිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

අරවින්ද ද සිල්වා මූලිකත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුව අදාල තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්පයක් ඉදිරිපත් කර ඇති නමුත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුණු කූඩයට දමා ඇති බවත් ඔහු චෝදනා කළා.

මේ අතර “දඹුල්ල වයිකින්ග්” කණ්ඩායමේ තීරණයට තමන්ද සහය දක්වන බව එවැනිම අසාධාරණයකට ලක් වූ ජැෆ්නා ස්ටලියන්ස් කණ්ඩායමද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව “හිරු නිව්ස්” තැබූ සටහනක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7