Cricket NewsEXCLUSIVESocial Reaction

“මට ඉහළින් මා දෙස බලා සිටින, සුරදූතයෙක් සිටිනවා.. ඔහුට මා අමතන්නෙ තාත්තා කියලා” – තරඟයෙන් අනතුරුව ධනජය ද සිල්වා තැබූ සංවේදී සටහන.!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිව් වන දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා දැවී යන විට පසු පෙළ පිතිකරුවන් හා එක් වී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී අඩිතාලම දැමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වාගේ පිත්තෙනි.

දඟ පන්දු යවන්නන්ගේග්‍රහණයට ලක්වී තිබු ගාලු තණ තීරුවේ බටහිර ඉන්දීය දඟ පන්දු යවන්නන් පිරිවර නිරන්තරයෙන් එල්ල කළ, දැඩි පීඩනය හමුවේ සිය පිත්ත මෙහෙයවූ ධනංජය, සිය ටෙස්ට් දිවියේ අටවැනි ශතකය වාර්තා කර ගත්තේ පන්දු එකසීය අසූ හතකට මුහුණ දෙමිනි.ඉන් නොනැවතී බටහිර ඉන්දීය කොදෙව් පීඩනයට කදිම ප්‍රතිචාරයක් දැක්වූ ධනංජය අනෙක් අන්තයේ සිටි ලසිත් ඇඹුල්දෙණිය හා එක්ව නමවැනි කඩුල්ලට වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුයේ ගාලු පිටියේ 9වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගන ලද ඉහලම සම්බඳතාවයටද පණ පොවමිනි.

දිනය නිමාවන විට ධනංජය සහ ලසිත් ඇඹුල්දෙණිය අතර නමවැනි කඩුල්ල සඳහා ගොඩ නැඟී තිබූ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 107කි.

මුළු ලකුණු සංඛ්‍යාව 221ක්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 8වැනි කඩුල්ලත් බිඳ වැටෙන විට බටහිර ඉන්දීය කොදෙව්වන්ට ශ්‍රී ලංකා භූමිය තුළ සොයමින් සිටි පළමු ටෙස්ට් තරග ජයග්‍රහණයේ ආශ්වාදය දැනෙමින් පැවතියත් ඔවුන්ගේ එම බලාපොරොත්තු දුරින් දුරට තල්ලු කළ ධනංජය සහ ඇඹුල්දෙණිය දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවනීය සහ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩ කඩක් ඇති ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුනා.

මේ අනුව, අද දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටි අතර නොතිබූ ජයග්‍රහණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ධනංජය ද සිල්වා අද දිනයේ ඔහු ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කරමින්, තබා තිබූ අතිශය සංවේදී සටහනක් වෙත ක්‍රීඩා ලෝලී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

සිය ශතකය ලබා ගැනීමෙන් අනතුරුව, හිස් අවකාශය දෙස බලා සිටින ඡායාරූපයක් සමඟ “මට ඉහළින් මා දෙස බලා සිටින, සුරදූතයෙක් සිටිනවා.. ඔහුට මා අමතන්නෙ තාත්තා කියායි.“ යනුවෙන් ධනංජය සටහනක් තබා තිබෙනවා.

එම ට්විටර් සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7