Cricket NewsEXCLUSIVE

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිංහ ජර්සියෙන් සැරසී, ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින අවසන් දිනය අදයි.!

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට මීට වසර දෙකකට පමණ පෙර 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි මිකී ආතර් මහතාගේ සේවා කාලය අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියත් සමගම අවසන් වනවා.

ඒ මිකී ආතර් සහ ක්‍රිකට් ආයතනය අතර තිබු කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙනි.

ඒ පිළිබඳව පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මිකී ආතර් සඳහන් කර සිටිවේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බවයි.

ඒ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමෙන් විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සිය ක්‍රීඩකයින්ට සහ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පළ කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ තමා පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහල මට්ටමක සිටින බවත් එය තමාට සතුටට කාරණයක් බවත් ඔහු එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

⁣එමෙන්ම ඔහු එහිදී විශේෂයෙන් සඳහන් කර තිබුණේ මේ විශිෂ්ට රටේ පුහුණුවීම් කළ සෑම මිනිත්තුවකට ම ඔහු ආදරය කරන බවයි.

මිකී ආතර් නම් පුහුණුකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක් වීමට පෙර තිබූ විනය ප්‍රශ්න සහ Fitness ගැටලු විසඳීමට මෙම සුපිරි පුහුණු කරුවා සමත් වූයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවා අතහැර දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත බලාපොරොත්තු වල සුභ සිහින නැවතත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ඇති කරමිනි.

මේ අතර මිකී ආතර්ව සිය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස එනම් “Head of Cricket” ලෙස පත් කළ බව බ්‍රිතාන්‍යයේ ඩර්බිශයර් ක්‍රිඩා සමාජය පසුගිය දා නිවේදනය කර සිටියා.

ඒ අනුව කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණු කාරීත්වයෙන් ඉවත්වන මිකී ආතර් බ්‍රිතාන්‍යයේ ඩර්බිශයර් කණ්ඩායම සමග එක් වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button