Cricket NewsEXCLUSIVEIPL

Jos Buttlerගේ ප්‍රහාරාත්මක පිත්ත නැවතත් ක්‍රියාත්මකයි – Gujarat Titans පන්දුයවන්නන්ට එරෙහිව සුපිරි ඉණිමක් දියත් කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ PLAY-OFF හෙවත් තරඟාවලියේ අවසන වටය අද ආරම්භ වුවා.

ඒ Rajasthan Royals සහ Gujarat Titans කණ්ඩායම් අතර තරඟයෙනි, අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර් දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුවා.

මෙහිදී Rajasthan Royals වෙනුවෙන් ආරම්භක පිතිකරු Jos Buttler විශිෂ්ට ඉනිමක් දියත් කරනු ලැබුවා. ඔහු පන්දු 56කදී වේගවත් ලකුණු 89ක් රැස් කළා, ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුනා.

Jos Buttler ආරම්භයේදී එතරම් ප්‍රහාරාත්මක නොවුවත් අවසන් පන්දුවාර 4රේ සිය සුප්රුදු ප්‍රහාරාත්මක පිතිකරණයට පණ පොවමින් දැවැන්ත ලකුණු පුවරුවක් කරා සිය කණ්ඩායම ඔසවා තැබුවා.

Jos Buttlerගේ එම සුපිරි පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7