Cricket NewsEXCLUSIVEInternational

සත්කාරක බංග්ලාදේශය පළමු වටයෙන්ම ඉවතට යද්දී තායිලන්තය,ශ්‍රී ලංකාව,ඉන්දියාව හා පකිස්තානය ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

අද තායිලන්ත කාන්තා කණ්ඩායමට අතිශය සුවිශේෂී දිනයක් වූයේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන අවසන් පූර්ව වටයකට ඔවුන් සුදුසුකම් ලබාගැනීමත් සමඟිනි.ඒත් සමඟින් පසුගිය වර ශූරයින් මෙන්ම සත්කාරක්වය ද හොබවන බංග්ලාදේශ කණ්ඩායමට සිදුවූයේ පළමු වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වන්නටයි.

ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමඟින් බංග්ලාදේශයට අවසන් පූර්ව වටයක් කරා යන්නට තිබූ අවකාශය අවම කලේය.ඒත් සමඟින් මෙවර ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් ප්‍රථම කණ්ඩායම වන්නේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනේ ලකුණු 10 ක් සමඟින්.

පළමු වටයේ තවත් එක් තරඟයක් ඉතිරිව තිබෙන නමුත් මේ වන විටත් පකිස්තානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.දෙපිලම ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගමින් අවසන් පූර්ව වටය කරා යන අනෙකුත් කණ්ඩායම් ද්විතය බවට පත්විය.කෙසේ නමුත් පළමු වටයේ ක්‍රීඩා කිරීමට නියමිත අවසන් තරඟය ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අද පැවැත්වීමට නියමිතය.

ප්‍රසාද ලකුණු 6 ක් සමඟින් අවසන් පූර්ව වටයට එක්වන සිව්වැනි කණ්ඩායම වූයේ පෙරලිකාර තායිලන්ත කාන්තා කණ්ඩායමයි.ඔවුන් හමුවේ 2018 ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද මීට පෙර පරාජය වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button