Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

විස්සයි20 තරගාවලියක අවසන් තරගයකදී ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට චමරි පත්වේ.

අබුඩාබියේ පැවති ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නිමා වූයේ ශ්‍රී ලංකාවට ශූරතාව හිමි කර දෙමිනි. මේ අවසන් තරගයේදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු අගනා ශතකයක් රැස් කළ අතර, එය ඇය විස්සයි20 ජාත්‍යන්තර පිටියේදී රැස් කළ දෙවැනි ශතකය විය.

පන්දු 63කදී හතරේ පහර 13කින් සහ හයේ පහර 4කින් වාර්තා වූ මේ ශතකය සමඟින් වාර්තා ගණනාවකට හිමිකම් කීමට චමරි අතපත්තුට හැකිවීම කැපී පෙනිණි.

එහිදී කාන්තා විස්සයි20 තරගාවලියක අවසන් තරගයකදී ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට පත්වීමට චමරි සමත් වූවාය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව 2019 වසරේ එරටේදීම සිය මංගල විස්සයි20 ශතකය රැස් කළ චමරි මේ තරගයේදී වාර්තා කළ ශතකය සමඟ විස්සයි20 ජාත්‍යන්තර පිටියේ අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටවලට එරෙහිව ශතක දෙකක් වාර්තා කළ පළමු ආසියානු ක්‍රීඩිකාව බවට ද පත්වූවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button